MAIN MENU

වෘත්තීය වටපිටාව

දුරකථන සන්නිවේදන ක්‍ෂෙත‍්‍රය තුළ පවතින ඉහළ සේවා ප‍්‍රමිතීන් සුරකිමින් කටයුතු කිරීමට ශ‍්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් නිරන්තරයෙන්ම කටයුතු කරමින් සිටී. එහෙයින් විශේෂ පුද්ගලයින් සේවයේ යෙදවීමට මොබිටෙල් නිරතුරුවම කටයුතු කරනු ලබයි. දක්‍ෂතාවලින් පිරිපුන් හා සුභවාදී මෙන්ම මිත‍්‍රශීලී ආකල්ප වලින් සමන්විත මොබිටෙල් සේවකයින් සිය වටිනා පාරිභෝගිකයන්ට උසස් සේවාවන් සැපයීමට නිරන්තරයෙන්ම කැපවී සිටියි.

මොබිටෙල් සේවකයින් හා මොබිටෙල්හි රාජකාරී වටපිටාව

  • කාර්යය මණ්ඩල අතර සන්නිවේදන

මුල්නම භාවිතය හා විවෘතව අදහස් දැක්වීම් සංස්කෘතියක් අගය කරනු ලබන මොබිටෙල් හි  ඕනෑම සේවකයෙකුට  ඕනෑම අවස්ථාවක සිය ඉහළ කළමණාකාරිත්වයට ප‍්‍රතිචාර දැක්වීම සිදු කළ හැක.

 

  • රහස්‍යභාවය

සමාගම හා එහි කොටස්කරුවන් පිළිබද රහස්‍ය තොරතුරු වටිනා වත්කම් ලෙස මොබිටෙල් සලකනු ලබයි. මේ නිසා සමාගමට හෝ එහි ගණුදෙනුකරුවන්ට අදාල රහසිගත තොරතුරු වෙනත් කිසිඳු තෙවන පාර්ශවයක් වෙත පත් නොකිරීමට මෙන්ම එම තොරතුරු ආරක්‍ෂා කිරීමට මොබිටෙල් සේවකයින් වගබලාගත යුතුය.

 

  • සම්මත ඇඳුම්

අපගේ ගණුදෙනුකරුවන්ට, සේවක මණ්ඩලයට හා බාහිර පාර්ශව වෙත මොබිටෙල් වෙළදනාමය පිළිබද වෘත්තීමය හා සුභවාදී ආකල්පයන් ජනිත වන ලෙස හැසිරීමට සියලූ මොබිටෙල් සේවකයන් කටයුතු කළ යුතුය.

මොබිටෙල් විසින් අවම ලෙස නිර්දේශ කරනු ලබන සම්මත ඇදුම් කට්ටල පහත පරිදි  වේ.

සදුදා සිට සිකුරාදා දක්වා - වෘත්තීය ව්‍යාපාරික පරිසරයකට ගැලපෙන ඇදුම්

සෙනසුරාදා - සාමාන්‍ය ඇදුම්

කෙසේ වුවද සාමාන්‍ය ඇදුම් මෙන්ම පාවහන් භාවිතයේදී පිලිගත් ආකාරයකට රාජකාරියට වාර්තා කරන ලෙස මොබිටෙල් සේවකයින්ට අවවාද කරනු ලැබේ.

බාහිර පාර්ශව සමග පවත්වනු ලබන ප‍්‍රියසාද සදහා (ගණුදෙනුකරුවන්, ව්‍යාපාරික හවුල්කරුවන්, සැපයුම්කරුවන් ආදි...) පිළිගත් ඇදුම් කට්ටලයක් භාවිතා කරන ලෙස මොබිටෙල් විසින් නිර්දේශ කරනු ලබයි.

(උදා : පුරුෂයන් සදහා අත්දිගු කමිසයක් හා ටයි පටියක් පැළදීම)

පාරිභෝගික සේවා හා ඉදිරිපෙළ කාර්ය මණ්ඩලය - ප‍්‍රිය මනාප හා විනීත ලෙස හැද පැළද ගැනීම සිදු කරන ලෙස මෙම කාර්යමණ්ඩලයට මොබිටෙල් විසින් නිර්දේශ කර තිබේ. ආයතනය විසින්  සම්මත නිළ ඇදුම් ලබාදී ඇති කාර්ය මණ්ඩලය තමන් රාජකාරීවල නිරතව සිටින සියලූ අවස්ථාවලදී එම නිල ඇදුමෙන් සැරසී සිටීම වැදගත් වේ.

 

  • පුද්ගල ආචාර ධර්ම

ගණුදෙනුකරුවන්, එකිනෙකා අතර හා ව්‍යාපාරික සැපයුම්කරුවන් අතර මෙන්ම තරගකරුවන් සමගද අවංකව හා සෘජුව සන්නිවේදනය කරගන්නා ලෙස නිර්දේශ කරනු ලබයි.

  • සියලූ ගණුදෙනුකරුවන් සමග වෘත්තීමය හා සුහදව කටයුතු කළ යුතුය.
  • නියමිත ආකාරයට රාජකාරියට වාර්තා කල යුතු අතර සේවයට වාර්තා නොකිරීම අවම මට්ටමක පවත්වා ගත යුතුය. කිසියම් අවස්ථාවක රාජකාරියට වාර්තා කිරීමට නොහැකි වේ නම් අදාල අංශයේ ප‍්‍රධානියාට හෝ ඒ වෙනුවෙන් පත් කර ඇති පුද්ගලයාට හේතු සහිතව ඒ පිළිබදව වාර්තා කළ යුතුය.
  • පුද්ගලික වගකීම් පිළිබද අවබෝධයක් තිබිය යුතුය.

 

  • හදිසි තත්වයන්

තමන් සිටිනා ස්ථානයෙන් ඈත්වීම ඒ සදහා පිටවීමේ  ස්ථාන, ගිනි නිවන උපකරණ භාවිතය ආදී හදිසි තත්ත්වයකදී ගත යුතු පියවර පිළිබද මොබිටෙල් සේවකයන්ට දැනුවත් භාවයක් ලබාදී තිබේ.

 

  • සෞඛ්‍ය හා ආරක්‍ෂාව

සියලූ සේවකයන් සදහා සුරක්‍ෂිත වටපිටාවක සිය රාජකාරී ඉටු කිරීම මොබිටෙල් විසින් තහවුරු කරනු ලබයි. ශ‍්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන්රථ සේවයේ කාර්යය මණ්ඩලය විසින් අපගේ සේවකයන්ට හදිසි අවස්ථාවකදී කළ යුතු ප‍්‍රථමාධාර පිළිබද පුහුණුවක් ලබාදී තිබේ. තවදුරටත් ප‍්‍රතිකාර ගත යුතු අවස්ථාවකදී ලගම පිහිටි රෝහලට ඇතුලත් කරනු ලබන අතර එහිදී බාහිර හා නේවාසික ප‍්‍රතිකාර ගැනීම කෙරෙහි ප‍්‍රමුඛතාවයක් ලබාදීම සදහා කටයුතු කරනු ලබයි.

 

  • M club

මොබිටෙල් ආයතනය සමග සම්බන්ධවන සෑම සේවකයෙකුම කාර්ය මණ්ඩලයේ සුහද හමුවීම් හා උත්සව සංවිධානය කරනු ලබන හි සාමාජිකයෙකු වේ. කාර්ය මණ්ඩලය අතුරෙන් තෝරාපත් කරගන්නා ලද නිළධාරී මඩුල්ලක් විසින් මෙහෙයවනු ලබයි.

 

  • වෘත්තීය දියුණුව

සිය වෘත්තිය වෙනුවෙන් කටයුතු කිරීම සදහා මොබිටෙල් කළමණාකාරිත්වය සිය කාර්ය මණ්ඩලය සක‍්‍රීයව දිරිමත් කරනු ලබයි. ඔබගේ වෘත්තීය ජීවිතයේ දියුණුව වෙනුවෙන් මොබිටෙල් විසින් වෘත්තීය මාර්ගෝපදේශන සේවා හා අනෙකුත් උපදෙස් ලබාදීම සිදු කරනු ලබන ක‍්‍රියාවලියක් අනුගමනය කරනු ලබයි.

 

  • පුහුණු හා සංවර්ධන කටයුතු

සිය කාර්ය මණ්ඩලයට තම වෘත්තීය දියුණුවට පිය නගමින් ආයතනයේ දියුණුව වෙනුවෙන් ද කටයුතු කිරීම උදෙසා මොබිටෙල් සිය කාර්ය මණ්ඩලය නිතිපතා පුහුණු හා සංවර්ධන ක‍්‍රියාවලියකට යොමු කිරීම ප‍්‍රතිපත්තිය බවට පත්කරගෙන සිටී.

ඔබගේ දැනුම කුසලතා හා ආකල්ප වර්ධනය කර ගැනීම තුලින් ආයතනයේ සංස්කෘතිය හා දර්ශනය අවබෝධ කර ගැනීම සදහා මෙම පුහුණු වැඩසටහන් ඉවහල් වේ. කළමණාකාරිත්වය අවබෝධ කරගන්නා පුද්ගල දක්‍ෂතා සහ ආයතනික ව්‍යාපාරික අවශ්‍යතා මත පුහුණු අවස්ථා හදුනාගනී. ඔබගේ කළමණාකරු හෝ ඒකක ප‍්‍රධානියාගේ නිර්දේශය මත මානව සම්පත් අංශය ඔස්සේ ඔබ අදාළ පුහුණු වැඩසටහන් සදහා යොමු කෙරේ. මේ අනුව ඔබ සදහා පහත අවස්ථාවන් උදා වේ.

  • රැකියා අතරතුර පුහුණුව
  • වෘත්තීය සංවර්ධන පුහුණු වැඩසටහන්
  • සමුලූ හා වැඩමුලූ
  • කෙටි කාලීන පුහුණු සහ ව්‍යාපෘති
  • හදුනාගත් අවශ්‍යතා මත ආයතනය තුල පුහුණු වැඩසටහන් කිහිපයක් ක‍්‍රියාත්මක වේ.

අධ්‍යයන මධ්‍යස්ථානය

විවිධ සගරා, පොත් හා සංයුක්ත තැටි වලින් සමන්විත පුස්තකාලයක් ආයතනය සතුව පවතී. ඉන් ලබාගන්නා සියලූ දෑ ආරක්‍ෂාකාරීව භාවිතා නැවත හොද තත්ත්වයෙන් භාරදීමට කාර්යය මණ්ඩලය වගබලාගත යුතුය.

බදවා ගැනීම හා තෝරාගැනීම්

ආයතනය තුල මතුවන රැකියා අවස්ථා වලදී දැන්වීම් පළකර බදවා ගැනීම් සිදුකිරීමට ප‍්‍රමුඛතාවය ලබාදෙන්නේ ආයතනය තුල සිටින කාර්යය මණ්ඩලය සඳහා එම අවස්ථාවන් ලබාදීමටයි. අභ්‍යන්තර සන්නිවේදන පද්ධතිය හා ඊමේල් මගින් එම රැකියා අවස්ථා පිළිබඳ ආයතනයේ කාර්යය මණ්ඩලය දැනුවත් කරමින් ඔවුන් ඒ සදහා දිරිමත් කරනු ලබයි. ඔබ මෙවැනි අවස්ථාවක දී අයදුම්පතක් යොමුකිරීමෙන් අනතුරුව ඔබ සම්මුඛ පරීක්‍ෂණයකට හා ඇගයීමකට ලක්කර අදාල තනතුර සදහා ඔබේ සුදුසුකම් පරීක්ෂා කර බලනු ලබයි. ඔබ ඒ සදහා නුසුදුසු නම් ඔබට ඒ බව දැනුම් දෙනු ලබන අතර සුදුසුකම් සපුරන සේවකයා හට තනතුරේ මාරුවීමක් නැතහොත් තනතුරේ උසස්වීමක් ලෙස අදාල රැකියා අවස්ථාව හිමිවේ.

මෙම ක‍්‍රියාවලිය තුලින් ආයතනයේ අදාල තනතුර සදහා සුදුසුකම් ලත් පුද්ගලයෙකු හමු නොවේ නම් අනතුරුව පුවත්පත් මාධ්‍යයෙන් හෝ රැකියා අවස්ථා කළමනාකරණය කරනු ලබන ආයතනයක් ඔස්සේ අදාල ඇබෑර්තුව නිවේදනය කරනු ලබයි. ඇතැම් තනතුරු ප‍්‍රසිද්ධ මාධ්‍ය මගින් නිවේදනය කරනු නොලබන අතර ආයතනය රැකියා ඇබෑර්තු සපුරා ගන්නේ ආයතනය විසින් සැලසුම් කරන ලද සංවර්ධන සැලසුම් වලට අනුකූලවයි.

මොබිටෙල් හි රැකියා අවස්ථාවන් සදහා අයදුම්කිරීම.

රැකියා අවස්ථා සදහා අයදුම්පත් යොමු කිරීමට මොබිටෙල් ඔබට ආරාධනා කර සිටින අතර වෘත්තීය අවශ්‍යතා පැන නගින අවස්ථාවන්හිදී ඔබගේ අයදුම්පත් කෙරෙහි අවධානය යොමුකරනු ලබයි.

කෙසේ වුවද අයදුම්පත් යොමු කිරීමට පෙර පහත සදහන් අවශ්‍යතා ඔබට සැපිරිය හැකිදැයි තහවුරු කරගන්න.
 

  • ඔබේ වගකීම් හා රාජකාරි පිලිබඳ උනන්දුවක් හා කැපවීමක් ඔබ සතුද?
  • ඔබ අභියෝග භාරගැනීමට කැමතිද?
  • අනගි අවස්ථාවන් සහිත වෘත්තිය වටපිටාවක සේවය කිරීමට ඔබ සූදානම්ද?
  • පුහුණු හා සංවර්ධන වැඩසටහන් පිලිබඳ ඔබේ විශ්වාසයක් පවතීද?
  • ඉදිරියටම ඇදෙමින් නායකත්වය කරා ගමන් කරන කණ්ඩායමක සාමාජිකයෙකු වීමට ඔබ කැමතිද?

 

මේ සියලූ ප‍්‍රශ්න සදහා ඔබේ පිළිතුර ”ඔව්” නම් පහත ලිපිනයට ජීව දත්ත වාර්තාවක් යොමු කරන්න.

මානව සම්පත් අංශය
මොබිටෙල් පුද්ගලික සමාගම
108, ඩබ්. ඒ. ඩී. රාමනායක මාවත,
කොළඹ 2. ශ‍්‍රී ලංකාව. ඊ මේල් : career@mobitel.lk

Looking for...