MAIN MENU

SLT-Mobitel Overview

අප ගැන
 

මොබිටෙල් ශ‍්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලයයි. ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් 2002දී මොබිටෙල්  හි පරිපාලන කටයුතු භාර ගැනීමත් සමගම සීඝ‍්‍රයෙන් වර්ධනය වූ මොබිටෙල් මේ වන විට ශ‍්‍රී ලංකාව් සන්නිවේදන ඉතිහාසය තුළ විප්ලවීය වෙනසක් සිදු කරනු ලැබ තිබේ. එමෙන්ම දකුණු ආසියානු කලාපය තුල ප‍්‍රථම වරට 3.5G HSPA තාක්‍ෂණය එළිදැක්වීමේ ගෞරවය හිමි වන්නේ ද මොබිටෙල් ජාලයටයි.

නව්‍යතා හදුනාගෙන ඒ මගින් ඉදිරියට පිය නගන මොබිටෙල් ආයතනයේ ග‍්‍රාහකයන් නිරන්තරයෙන්ම තෘප්තිමත් පාරිභෝගිකයන් බවට පත්වෙයි. නවීන තාක්‍ෂණය අප වෙනුවෙන් පමණක් භාවිතා කිරීම අර්ථ විරහිත ක‍්‍රියාවක් බව විශ්වාස කරන අප එය අපගේ වටිනා පාරිභෝගිකයන්ට පූර්ණ සේවාවක් සැපයීම පිණිස අපගේ ආයතන සංස්කෘතිය තුළට ඇතුළත් කරගෙන තිබේ. මේ ක‍්‍රමවේදය අනුව යන මොබිටෙල් සමග පාරිභෝගිකයන් සමීප සම්බන්ධතාවන් ගොඩනගාගෙන තිබේ.

2005 හා 2006 අතර කාලසීමාව තුල අපගේ ගනුදෙනුකරුවන් සංඛ්‍යාව 100% කින් වර්ධනය වීම ඊට කදිම නිදසුනකි. ඔබගේ අවශ්‍යතා හදුනා ගනිමින් අප හදුන්වාදෙන නව්‍ය පැකේජයන් තුලින් ලබා දෙන විශේෂාංග හා සේවා අපගේ තේමාව වන ඔබ ගැන නිරන්තරයෙන්ම අවධානයෙන් පසුවීම වඩ වඩාත් තහවුරු කරයි. ඒ අනුව අප මේ වන විට ඉතා ඉහළ ඉලක්ක වෙත ලගා වෙමින් සිටින්නෙමු.

ජාතික ජංගම දුරකථන ජලය ලෙස මොබිටෙල් මේ වන විට විශිෂ්ඨ ස්ථානයකට ලගාවී සිටින අතර ශ‍්‍රී ලංකාවේ ජංගම දුරකථන සේවා ක්‍ෂෙත‍්‍රය තුලද මොබිටෙල් හි ස්ථාවරය අසමසමය. මෙවන් පසුබිමක් තුල අපට වටිනාම පුද්ගලයා වන අපගේ පාරිභෝගිකයා වෙනුවෙන් අප ඉහළම සත්කාරයන් ලබාදීමට නිරන්තරයෙන්ම කැපවී සිටින්නෙමු.

Looking for...