MAIN MENU

Mobitel Coverage

ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් සිය වටිනා පාරිභෝගිකයන්ට පැහැදිලි හා අඛණ්ඩ සම්බන්ධතාවයක් ලබාදීම පිණිස සිය ආවරණ කලාපය ප්‍රධාන නගර ඇතුලූ දිවයින පුරාම ව්‍යාප්ත කරමින් සිටී. අප GSM ජාලය ශ්‍රි  ලංකාවේ දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයට පිවිස මාස 18 ක් වැනි කෙටි කාලයක් තුල එනම් 2005 අගෝස්තු මාසයේදී 300 වැනි ආවරණ මධ්‍යස්ථානය ද සම්පූර්ණ කරමින් වේගයෙන් වර්ධනය වූ GSM ජාලය බවට පත් විය.

ආවරණ කලාපය වර්ධනය කිරීමට නිරන්තරයෙන්ම කැපවී සිටින මොබිටෙල් නවීන තාක්ෂණය හදුන්වා දෙමින් සිය ග්‍රාහකයන්ගේ සන්නිවේදන අවශ්‍යතා පරිපූර්ණ කරමින් සිටී. ඒ අනුව 2009 පළමු කාර්තුව අවසාන වන විට අපගේ ආවරණ මධ්‍යස්ථාන සංඛ්‍යාව 2000 ක් බවට පත්වූයේ තවදුරටත් දිවයින පුරා මොබිටෙල් ආවරණය තහවරු කරමිනි.  ශ්‍රි ලංකාව තුළ උපරිම අයුරින් ආවරණය කිරීම සදහා අප මේ වන විටත් මොබිටෙල් ආවරණ මධ්‍යස්ථාන සංඛ්‍යාව ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින්නෙමු.

කොළඹ සිට මඩකලපුව දක්වාත් ගාල්ල සිට යාපනය දක්වාත් අප ආවරණය කර ඇත්තෙමු. ඔබට ඒ ගැන තවදුරටත් තොරතුරු දැන ගැනීමට අවශ්‍යද?

මොබිටෙල් ආවරණ සිතියම

 

 

 

Click Here to Select from a range of plans that suits you

Looking for...