ඔබේ බිල්පත් වඩාත් පහසුවෙන් ගෙවීම සදහා පහත සදහන් ක‍්‍රමවේදයන් ද ඔබට භාවිතා කල හැක.
ඕනෑම ගෙවීම් මධ්‍යස්ථානයකින් මුදල් ගෙවා ඔබගේ බිල්පත ගෙවිය හැක.
“මූල්‍ය කළමණාකරු”, මොබිටෙල් පුද්ගලික සමාගම, 108. W.A.D රාමනායක මාවත,
කොළඹ 02 යන ලිපිනයට ලියාපදිංචි කර “මොබිටෙල් පුද්ගලික සමාගම” නමින් ලියූ චෙක්පතක් සමග මොබිටෙල් බිලෙහි ඉරා වෙන්කල හැකි කොටස ද පුරවා එවන චෙක්පත් මගින් බිල ගෙවිය හැක. (චෙක්පතෙහි පිටුපස ඔබේ මොබිටෙල් අංකය පැහැදිලිව සටහන් කරන්න.)
ඇමේක්ස් කාඞ්පත් හිමියන් සිය ඉල්ලූම් පත‍්‍රය ලබා ගැනීම හා භාරදීම නොම්බර 107, ධර්මපාල මාවත, කොළඹ 07 ලිපිනයේ පිහිටි ඇමෙක්ස් කාඞ්පත් මධ්‍යස්තානයෙන් සිදු කර ගත හැක.
මාස්ටර් හා වීසා කාඩ්පත් හිමියන්ට අපගේ වෙබ් අඩවිය හරහා සිය බිල්පත් ගෙවිය හැක. එහි My Account මගින් ඔබගේ ගිණුමට පිවිසී “Pay online” මගින් ගෙවීම් සිදු කළ හැක.
ඔබේ බිල්පත අවබෝධ කරගන්න
ඔන්ලයින් ගෙවිම් (Online Pay) - Click කරන්න
පින්තූරයේ සදහන් බිල්පතෙහි ඒ ඒ නොම්මර වලින් දක්වා ඇති ස්ථාන පිළිබද විස්තර :
1. | ග‍්‍රාහක නම හා ලිපිනය |
2. |
ගිණුම් අංකය : ඔබේ ගිණුම හදුනාගැනීම සඳහා භාවිතා කරනු ලබන විශේෂිත අංකය. |
3. |
මොබිටෙල් අංකය : අංක 10 කින් යුත් ඔබේ ජංගම දුරකතන. |
4. | බිල් අංකය : බිල්පතක් හඳුනාගැනීම සඳහා භාවිතා කරන විශේෂිත අංකය |
5. | බිල්පත් දිනය : සෑම මසකම ඔබගේ බිල්පත සැකසෙන දිනය |
6. |
ගෙවිය යුතු දිනය : මෙහි සඳහන් දිනට හෝ ප‍්‍රථම ඔබ විසින් බිල්පත ගෙවිය යුතු වේ
|
7. | අවසාන බිලට ශේෂය: පෙර බිල්පත සඳහා ගෙවිය යුතු හිග මුදල |
8. |
ලැබුණු ගෙවීම්: පසුගිය බිල්පත් දිනයේ සිට මේ මස බිල්පත් දිනය දක්වාගෙවා ඇති සියලු මුදල්
|
9. | ශේෂය: ගෙවීම් අඩු කිරීමෙන් පසුව පසුගිය බිල්පත සඳහා හිග මුදල |
10. |
මේ මස අය කිරීම: බිල්පත සැකසෙන කාල සීමාව තුළ ගෙවිය යුතු මුළු මුදල
|
11. |
ගෙවීමට ඇති මුලූ මුදල: මේ මස අය කිරීම සහ පසුගිය බිල්පත් සඳහා ගෙවිය යුතු මුදල
|
12. |
මාසික ගාස්තු වල එකතුව:පැකේජ සඳහා නියමිත ගාස්තුව සහ වර්ධිත සේවාවන් (VAS) සඳහා අය කරන මාසික ගාස්තු වල මුලු එකතුව මෙමගින් පෙන්නුම් කෙරේ (VAT බදු සහිතව )
|
13. |
මුලු ඇමතුම් ගාස්තුව: බිල්පත් කාල සීමාව තුළ ලබාගන්නා දේශීය (සාමාන්‍ය /වීඩියෝ ), IDD (ඇතොත්) මුළු ඇමතුම් (VAT බදු සහිතව )
|
14. | වර්ධිත සේවාවන් සඳහා මුලු අයකිරීම්: වර්ධිත සේවා භාවිතය සඳහා බිල්පත් කාල සීමාව තුළ අයවිය යුතු මුළු මුදල (VAT බදු සහිතව ) |
15. | භාවිතා කරන ලද දත්ත සඳහා ගාස්තුව: බිල්පත් කාල සීමාව තුළ භාවිතා කරන ලද GPRS සඳහා ගාස්තුව (VAT බදු සහිතව ) |
16. |
අනෙකුත් අයකිරීම්: මුළු බිල්පත් අගය (VAT රහිතව) මත අයකරනු ලබන රජයේ බදු ගාස්තු
|
17. |
බදු අය නොකරන සේවාවන්: VAT බදු අය නොකරන සේවාවන් මෙහි ඇතුළත් වේ.
|
හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, එච්.එස්.බී.සී බැංකුව,මහජන බැංකුව හෝ ලංකා බැංකුවේ ගිණුම් හිමි මොබිටෙල් ගනුදෙනුකරුවන්ට කෙටි පණිවුඩයක් මගින් සිය පෙර ගෙවුම් ගිණුමේ ශේෂය ඉහල දැමීම හා පසුගෙවුම් ගිණුමේ බිල්පත් ගෙවීම සිදුකල හැක.
මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට හා ලියාපදිංචි වීමට ඔබට ලඟම පිහිටි මොබිටෙල් මධ්‍යස්ථානය, එච්.එන්.බී. බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, එච්.එස්.බී.සී බැංකුව,මහජන බැංකුව හෝ ලංකා බැංකුව වෙත පියනගන්න.
කෙටි පණිවුඩ බැංකු සේවාව සඳහා අයදුම්පත් බාගත කරගන්න
ඔබගේ භාවිතය සහ ගිණුම් ශේෂය ක්ෂණිකව ප්‍රවේශ වීමට