MAIN MENU

Terms of Use

නීතිමය හා පෞද්ගලිකත්ව ප්‍රකාශය

සීමාසහිත මොබිටෙල් (පෞද්ගලික) සමාගමට අයත්  www.mobitel.lk  (මොබිටෙල් වෙබ් අඩවි), ඇතුලු වෙබ් අඩවියකට ප්‍රවේශ වීමෙන් ඔබ මෙම නියමයන් හා කොන්දේසි සියල්ල හා බැඳී සිටීමට එකඟ වෙයි. ඔබ මෙම නියමයන් හා කොන්දේසිවලට එකඟ නොවන්නේ නම්, කිසිදු මොබිටෙල් වෙබ් අඩවියක හෝ ඒ හා සම්බන්ධ වෙබ් අඩවිවල ඇති කිසිදු තොරතුරක් හෝ එම අඩවියක් භාවිතා කිරීමට ඔබට අවසරයක් නොලැබෙන බව කරුණාවෙන් සලකන්න. මෙම තොරතුරු පෞද්ගලික භාවිතය සඳහා පමණක් වන අතර, මොබිටෙල් වෙතින් පූර්ව, ලිඛිත අවසරයක් නොලබා කිසිදු වාණිජ  අරමුණක් සඳහා භාවිතා නොකළ යුතුය. 

නියමයන් හා එකඟ වීම

මෙම නියමයන් හා කොන්දේසි අපගේ අභිමතය පරිදි යාවත්කාලීන කිරීමේ හෝ සංශෝධනය කිරීමේ  අයිතිය අපවෙත රඳවා ගැනේ.මෙම නියමයන් හා කොන්දේසිවල කලින් කල සිදුකෙරෙන වෙනස්කම් පිළිබඳව පරීක්ෂාවෙන් සිටින්න. මෙම නියමයන් හා කොන්දේසි වල සිදු කෙරෙන වෙනස්කම්වලින් අනතුරුව,  ඔබගේ මොබිටෙල් හා ඒ හා සම්බන්ධ අනෙකුත් වෙබ් අඩවි අඛන්ඩ භාවිතයෙන්, ඔබ එම වෙනස්කම් හා එකඟතාවයට පත්වෙයි. 

බුද්ධිමය දේපල අයිතිය

මොබිටෙල් හි අන්තර්ගතය හා මොබිටෙල් ලෝක ව්‍යාප්ත වෙබ් අඩවියේ මොබිටෙල් නිෂ්පාදනයන්ගේ හා සේවාවන්ගේ නාමයන්,  මොබිටෙල් හි වෙළඳ නාමය හා / හෝ සේවා නාමය වන්නේය. මොබිටෙල් වෙබ් අඩවියේ සඳහන් වෙනත් නිෂ්පාදන හා සමාගම් නාමයන්, අදාල අයිතිකරුවන්ගේ වෙළඳ සලකුණු හෝ / හා සේවා සලකුණු විය හැකිය.
 
මොබිටෙල් වෙබ් අඩවියේ සහ ඒ හා සබැඳි වෙබ් අඩවිවල අන්තර්ගතයේ (සියලු සැලසුම්, ලාංඡන, මොබිටෙල්හි නාමයන්, ලිඛිත සටහන්, වාර්තාගත ශබ්ද, සංගීත ඛණ්ඩ, රූප, සිතුවම්, වීඩියෝ දර්ශණ, හා වෙබ් සබඳතා) ප්‍රකාශන අයිතිය, වෙළඳ සලකුණ, පේටන්ට් හෝ වෙනත් දේපළ අයිතිය, මොබිටෙල් හා මොබිටෙල් වෙබ් අඩවියේ සහ ඒ හා සබැඳි වෙබ් අඩවිවල දක්වා ඇති පරිදි එක් එක් තෙවැනි පාර්ශ්ව කරුවන් විසින් දරණු ලැබේ. මෙහි විශේෂයෙන් දක්වා නැති වෙනත් අයිතීන් ද ඇහිරී ඇත. මොබිටෙල් වෙබ් අඩවියේ සහ ඒ හා සබැඳි වෙබ් අඩවිවල දක්වා ඇති පරිදි එක් එක් තෙවැනි පාර්ශ්වකාර අයිතිකරුවන් ගේ පූර්ව, ලිඛිත අවසරය නොමැතිව, ඔබගේ මොබිටෙල් වෙබ් අඩවියේ හා ඒ හා සබැඳි වෙබ් අඩවි හා / හෝ එහි එන සළකුණු කිසිවක් භාවිතය, ව්‍යංගාර්ථයෙන්, පරිබාධකව හෝ එසේ නොමැතිව, බලපත්‍රයක් මගින් හෝ භාවිතා කිරීමට අයිතියක්  ලබා දුන් ලෙස වටහා නොගත යුතුය. එහෙයින්, ඔබ පෙර කී කිසිවක්, එහි කොටසක් හෝ මුළුමනින්, කිසිදු ආකාරයකින්, මොබිටෙල් වෙතින් ලබාගත් පූර්ව ලිඛිත අවසරයක් නොමැතිව ප්‍රතිනිෂ්පාදනය, විකාශනය, ප්‍රතිප්‍රකාශනය, බාගත කිරීම, එක්කිරීම, යොදා ගැනීම, බෙදා හැරීම, ප්‍රදර්ශණය කිරීම, බලය දීම, වෙනස් කිරීම නොකළ යුතුය.
 
පහත දක්වා ඇති නියමයන්ට අනුව හැර, පූර්ව ලිඛිත අවසරය නොමැතිව, සියලු අන්තර්ගතයන් කිසිදු ආකාරයකින් ප්‍රති නිෂ්පාදනය, මාරු කිරීම, බෙදාහැරීම හෝ ගබඩා කිරීම තහනම්ය. මොබිටෙල් ඔබට ඔබගේ පෞද්ගලික භාවිතය සඳහා, ඔබගේ පරිගණකය මගින් මොබිටෙල් ලෝක ව්‍යාප්ත වෙබ් පි‍ටු පෙරලා බැලීම හෝ එම පි‍ටුවල කොටස් මුද්‍රණයකර ගැනීමට පමණක් අවසර ලබා දෙන අතර, මොබිටෙල් විසින් ලිඛිතව අවසර ලබා දී නොමැති නම් ප්‍රති බෙදා හැරීමක් නොකළ යුතුය.අපගේ ලෝක ව්‍යාප්ත වෙබ් පි‍ටුවල අඩංගු එක් එක් ලේඛන ඒවායේ දක්වා ඇති අමතර නියමයන්ට යටත් විය හැකිය.
 

වෙබ් සබඳතා ( Hyper Linking ) යෙදීම

මොබිටෙල් වෙතින් ලබාගත්  පූර්ව ලිඛිත අවසරය නොමැතිව, ඔබ මොබිටෙල් වෙබ් අඩවියක කිසියම් 'රාමුවකට' හෝ / හා 'කැඩපතකට' (Mirror) සමාන, කිසියම් වගුවක් කො‍ටුවක් ප්‍රතිනිෂ්පාදනය  සඳහා, වෙබ් සබඳතාවයක් (මොබිටෙල් වෙබ් අඩවිවල හෝ / හා ඊට සම්බන්ධ වෙබ් අඩවිවල මුල් පි‍ටු මග හැර යන)  එක් නොකළ යුතුය.

ලියාපදිංචිය, මුර පද, ආරක්ෂාව හා කුකී

අඩවියක කිසියම් කොටසක් සඳහා ඔබට ලියා පදිංචි වීමට හෝ ගිණුමක් විවෘත කිරීමට අවශ්‍ය වන්නේ නම්, ඔබ මොබිටෙල් වෙත ඔබගේ නිවැරදි, සම්පූර්ණ හා යාවත්කාලීන ලියාපදිංචි තොරතුරු ලබා දිය යුතුය. එමෙන්ම ප්‍රවේශ නාමයක් හා මුරපදයක් ද ‍තෝරා ගන්නා ලෙස ඔබගෙන් ඉල්ලා සිටිය හැකිය. කරුණාකර ඔබගේ මුරපදය අනුමාන කිරීමට උත්සාහ කරන කිසිවෙකුට පහසුවෙන් පෙනී යන මුරපදයක් ‍තෝරා නොගන්න. නිතර  වෙනස් කරමින් භාවිතා කරන්නා ගේ නාමය හා මුරපදය ආරක්ෂාකාරීව පවත්වා ගෙන යාමේ වගකීම ඔබවෙත පැවරෙයි. භාවිතය අවසන් වූ පසු  ඔබගේ ගිණුම වසා ඉවත් වීමට ( logout ) ඔබ වගකිව යුතුය.
 
ඔබගේ මුරපදය කිසිවෙකුටත් හෙලි නොකළ යුතුවන අතර, කිසිදු හේතුවකට හෝ කුමක් සඳහාවත් ඔබගේ ප්‍රවේශ නාමය හෝ මුරපදය කිසිදු පුද්ගලයෙකුට භාවිතා කිරීමට අවසර දීම හෝ බලය දීම නොකළ යුතුය.
මොබිටෙල් විසින් ඕනෑම අවස්ථාවක, ඔබගේ ප්‍රවේශ නාමය සහ මුරපදය භාවිතා කරමින් අඩවියට ඕනෑම ප්‍රවේශ වීමක් හෝ භාවිතා කිරීමක් සඳහා, ඔබගේ අනු දැනුම හෝ බලය නොමැතිව භාවිතා කළ හැකි බව නොසලකා ඊට ඉඩ දෙනු ඇත.
කිසියම් පුද්ගලයෙකු, ඔබගේ මුරපදය පිළිබඳව දැනුවත් වී ඇති බවක්  හෝ අඩවියට ප්‍රවේශ වීමට හෝ කිසියම් කාර්‍යයක් සිදු කිරීමට භාවිතා කර ඇති බවක් දැනගත් විට ( ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව)  ඔබ කළ යුත්තේ;
 
  • වහාම මොබිටෙල් වෙත ඒ බව දැනුම් දෙන්න
  • මොබිටෙල් ආයතනයේ ඉල්ලීම මත පොලිසිය වෙත ඒ පිළිබඳව පැමිණිල්ලක් කරන්න
  • මොබිටෙල් වෙත අවශ්‍යවන වෙනත් යම් තොරතුරක් ඇත්නම් ලබා දෙන්න
  • වහාම මුරපදය වෙනස් කරන්න.


මොබිටෙල් වෙබ් අඩවි පිළිබඳ තොරතුරු

මොබිටෙල් වෙබ් අඩවි හා ඒ හා සබැඳි අනෙකුත් වෙබ් අඩවි පිළිබඳ තොරතුරු, පූර්ව දැනුම් දීමක් නොමැතිව වෙනස් වීමට ( සීමාවක් නොමැතිව වෙනස්වීම, මකා දැමීම, සහ / හෝ ආදේශ කිරීම ඇතුලුව ) යටත් වන අතර, නොසැලකිලිමත්බව, හෝ තාක්ෂණික දෝෂ, අක්ෂර දෝෂ ඇතුළත්වීම,  හෝ / හා ඕනෑම වේලාවක ඒවාට ප්‍රවේශ වීම වැලැක්වීම සිදුවිය හැකිය.   

මොබිටෙල් හා / හෝ එහි ව්‍යාපාරික සහකරුවන්, තොරතුරුවල සුදුසුභාවය පිළිබඳව හෝ විකිණීමට ඇති භාණ්ඩ පිළිබඳව  නියෝජනයන්, වගකීම් හා ඇපවීම්,  සහතික කිරීම්, ප්‍රකාශ කිරීම හෝ ව්‍යංගව ඇඟවීම , සිදු නොකරයි. 
එවැනි සියලු විකුණනු ලබන තොරතුරු හා / හෝ නිෂ්පාදන ඒවා පවතින ආකාරයෙන්ම ප්‍රකාශිතව හෝ ව්‍යංගයෙන් වගකීමක්, ඇපයක් හා / හෝ සහතිකයක් නොමැතිව  ලබාදෙනු ඇත. මොබිටෙල් එහි වෙබ් පි‍ටු බාධා රහිත හෝ වැරදි රහිත බවට ඇප නොවන අතර හා / හෝ විකුණනු ලබන භාණ්ඩ විකිණියහැකි බවට , හෝ වෙනත් කිසියම් කාරණයක් උදෙසා සුදුසු බවට සහතික හෝ අනුමත නොකරයි. මොබිටෙල් හා / හෝ එහි ව්‍යාපාරික සහකරුවන් සියලු වගකීම්, ඇපවීම් හා සහතික ප්‍රතික්ෂේප කරයි. ප්‍රකාශිත හෝ හඟවනලද  හිමිකම් සහතිකයක්, උල්ලංඝනය නොවීමක් ඇතුලුව, එහෙත් ඊට සීමා නොවී, කිසිම ආකාරයක වගකීමක්, විකිණිය හැකි බවට හෝ කිසියම් කාරණයකට සුදුසු බවට, ලබාගතහැකි බව, නිවැරදිතාවය, විශ්වාසීබව හෝ මෙම පි‍ටු වල අන්තර්ගතය සම්බන්ධයෙන්, ලබා නොදෙයි.  ඔබ විසින් ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් භාවිතය හා / හෝ මිළ දී ගැනීම හේතුවෙන් පැන නගින සම්පූර්ණ අවදානම ඔබ සතුව පවතී.
 
මොබිටෙල් හා / හෝ ඒ හා සබැඳි වෙනත් ව්‍යාපාරික සහකරුවෙකු, කිසිදු අවස්ථාවක, ඕනෑම මොබිටෙල් වෙබ් අඩවියක අඩංගු හෝ ඒ මගින් පිවිසුනු දෑ හා තොරතුරු භාවිතය, ක්‍රියාවට නැංවීම, හා / හෝ පිවිසීම නිසා සිදුවන කිසිදු විශේෂ, ඍජු නොවන හෝ විපාක වශයෙන් ලැබෙන, අනුෂංගික, දඬුවම් ලැබිය හැකි හැකි,  අසනීප හෝ සෞඛ්‍ය ගැටළු (සීමාවක් නොමැතිව, ව්‍යාපාර, ප්‍රතිලාභයන්, ආදායම් අහිමි වීමෙන් සිදුවන හානි, ව්‍යාපාරවලට සිදුවන බාධාවන් හෝ ව්‍යාපාර තොරතුරු අස්ථාන ගතවීම), ගිවිසුම්ගත ක්‍රියාවක්, නොසලකා හැරීම හෝ වෙනත් ‍තෝරතීය ක්‍රියාවක්, ඇතුලු කිසිදු ආකාරයකින් සිදුවන හානියක් සඳහා, එවැනි හානියක් පිළිබඳව මොබිටෙල් වෙත උපදෙස් දී තිබුන ද, වගකීමට බැඳී නොසිටී. ඇතැම් නීතිමය බලසීමාවන්, ඇතැම් බැඳුම්කරයන් හෝ  වගකීම් සීමාවන්වලින් බැහැර වීමට ඉඩ නොදෙන අතර, එවැනි ඉහත සීමා කිරීම් හෝ බැහැරකිරීම් ඔබට අදාල නොවනු ඇත. එවැනි කාරණයක දී මොබිටෙල් හි වගකීම, නීතිය විසින් ඉඩ දෙනු ලබන උපරිම ප්‍රමාණය වනු ඇත.
 

පිළිගත නොහැකි භාවිතය හා සාමාජික හැසිරීම

සියලු නීතිමය සීමාවන් තුළ, සියලුම අදාල නීතීන්ට අනුකූලව කටයුතු කිරීමට මෙයින් ඔබ එකඟ වෙයි. උදාහරණයක් වශයෙන්, සීමාවක් නොමැතිව, මොබිටෙල් වෙබ් අඩවි හෝ එහි සබැඳි වෙබ් අඩවි සම්බන්ධයෙන් පහත සඳහන් දෑ නොකිරීමට ඔබ මෙයින් එකඟ වෙයි; 
 
(1) අපහාසකාරී, අපවාදාත්මක, තර්ජනාත්මක, අසභ්‍ය, අවිනීත, අයිතිවාසිකම් කඩ කෙරෙන, කිසිදු නීතිමය සීමාවක් තුළ නීතිවිරෝධී වන කිසිවක් ඉදිරිපත් කිරීම, එක් කිරීම (Upload), සම්ප්‍රේෂණය.
(2) පරිගණක වෛරස, ට්‍රෝජන් අශ්වයින්, පනුවන් (Worms), කාල බෝම්බ, (Time Bomb) හෝ වෙනත් හානිදායක, කඩාකප්පල් කාරී, අන්තරායදායක, දෑ ඇතුළත් පරිගණක වැඩසටහන් සම්ප්‍රේෂණය, එක් කිරීම ;
(3) බුද්ධිමය දේපල අයිතිය හෝ වෙනත් යම් ව්‍යවහාර නීතියක් මගින් ආරක්ෂාකරනු ලැබූ කිසිවක්, අවශ්‍ය සියලු අවසරයන් ලබා නොගෙන  විකාශය කිරීම හෝ එක් කිරීම;
(4) ප්‍රචාරාත්මක හෝ ප්‍රවර්ධනාත්මක පණිවිඩ ඇතුල් කිරීම;
(5) තාක්ෂණික හෝ වෙනත් යම් දෝෂයන් ඇතුල් කිරීම;
(6) මොබිටෙල් කිසියම් නීතිමය ක්‍රියාවලියකට යොමු කෙරෙන හෝ බැඳීමකට යටත් කෙරෙන කුමන හෝ ආකාරයක කිසියම් දෙයක් ඇතුළත් කිරීම;
(7) මොබිටෙල් වෙතින් ලිඛිතව ප්‍රකාශිත අවසරය ලබා නොගෙන, මොබිටෙල් වෙබ් පි‍ටු පරීක්ෂා කිරීමට හෝ පිටපත් කිරීමට,  කිසියම් රොබෝවක්, පරිගණක මකුළුවෙක්, හෝ වෙනත් යම් ස්වයංක්‍රීය හෝ එසේ නොවන උපකරණයක් හෝ ක්‍රියාවලියක් භාවිතා කිරීම
(8) අඩවියේ නිසි ක්‍රියාකාරිත්වයට මැදිහත්වන හෝ මැදිහත් වීමට උත්සාහ දරන කිසියම් උපකරණයක්, පරිගණක මෘදුකාංගයක්, හෝ නිත්‍ය පිළිවෙතක් භාවිතය, හෝ අසාධාරණ හෝ ප්‍රමාණයෙන්  විසමානුපාතික පරිමාවක් සහිත භාරයක් අඩවිය ක්‍රියාත්මක කරන සර්වර ( Server ) මත යෙදවීම

ඔබ විසින් අඩවිය මත හෝ හරහා ප්‍රදර්ශණය කරන හෝ සම්ප්‍රේෂනය කරන හෝ ඕනෑම අන්තර්ගතයක් සඳහා ඔබ වගකිව යුතු බව ඔබ දැන සිටිය යුතුය. 
ඔබ දැන දැනම, ඔබ හෝ අන් අඩවිය භාවිත කරන්නන් විසින් රහසින් ඇතුළුවීමට සහ / හෝ කිසිදු ආකාරයකින් මොබිටෙල් හා / හෝ සුළුතරයට, තෙවැනි පාර්ශ්වයන්ට, මොබිටෙල් සාමාජිකයන්ට, හා / හෝ මොබිටෙල් දායකයින් ගෙන් කිසිවෙකුට, කිසියම් කරදරයක්, ප්‍රකෝපනයක් හෝ අපහසුතාවය ඇති කිරීමට ඉඩ නොදීමට එකඟ වෙයි. විශේෂයෙන්ම ඔබ අඩවියේ අන්තර්ගතය, ප්‍රදර්ශනය කිරීමට, සම්ප්‍රේශණයට, බෙදාහැරීමට, සම්බන්ධ කිරීමට, අයැදීම්වලට භාවිතා නොකළ යුතුය.
මොබිටෙල් වෙත, අඩවියේ ඇති ඕනෑම අන්තර්ගතයක් පරීක්ෂා කිරීමට, ප්‍රතික්ෂේප කිරීමට, හෝ ඉවත් කිරීමට සම්පූර්ණ අභිමතය (බැඳීම නොවේ) පවතී. 
 

තෙවැනි පාර්ශව අඩවි හා අන්තර්ගතයන්ට ලබා දෙන අන්තර්ජාල සම්බන්ධතා

මොබිටෙල් අන්තර්ජාල සම්බන්ධතා සහ අන්තර්ගතය ලබා දෙනු ලබන්නේ පහසුකමක් ලෙස පමණක් වන අතර, ඕනෑම අන්තර්ජාල සම්බධතාවක් හෝ අන්තර්ගතයක් ඇතුළත් කිරීමේ දී, එයින් එම සම්බන්ධ කළ අඩවිය හෝ අන්තර්ගතය අනුමත කළ බවක් එයින් හැඟවීමක් සිදු නොකෙරේ. එවැනි තෙවැනි පාර්ශ්ව අඩවියක් හා / හෝ අන්තර්ගතයකට සම්බන්ධවීමේ දී, එය භාවිතයට පෙර එහි අන්තර්ගතය හා අඩවි නීති සමාලෝචනය කර ඊට එකඟවිය යුතුය. එම අඩවි සහ අන්තර්ගතයන් මොබිටෙල් හි පාලනය යටතේ නොපවතින බවටත්, එවැනි සම්බන්ධ කරන ලද අඩවිවල හෝ එම සම්බන්ධිත අඩවිවලට සබැඳි වෙනත් අඩවිවල අන්තර්ගතයන්ට බොබිටෙල් හි වගකීමක් නොමැති බවටත්, ඔබ එකඟ විය යුතුය. 
 

මොබිටෙල් RSS

භාවිතය සඳහා නියමයන් හා කොන්දේසි

RSS සේවාව ( www.mobitel.lk ) වෙත යොමුවන පාඨකයන්ට, ඒ මගින් මොබිටෙල් විසින්  XML ආකෘතියෙන් මොබිටෙල් සංවිධානය හා සම්බන්ධ ප්‍රවෘති සපයනු ලැබෙයි. ඔබගේ RSS සේවාව භාවිතයට පහත සඳහන් නියමයන් හා කොන්දේසි අදාල වන අතර ඒවා ඕනෑම අවස්ථාවක ( www.mobitel.lk ) මගින් පූර්ව දැනුම් දීමක් නොමැතිව වෙනස් කරනු ලැබිය හැකිය. 
 

RSS FEEDS භාවිතය 

RSS සේවාව (www.mobitel.lk ) මගින් නොමිළයේ සපයනු ලබන සේවාවක් වන අතර, වාණිජ නොවන භාවිතාවන් සඳහා පමණක්ම වේ. RSS තුළට ප්‍රචාරක දැන්වීම ඇතුල් කිරීම ඇතුලු  වෙළඳ ප්‍රචාරය සඳහා භාවිතා කිරීම, RSS අන්තර්ගතය හා අදාල වෙළඳ දැන්වීම් ඇතුල් කිරීම, ඇතුල් කිරීම් (Feed) තුළ අන්තර්ගතය සංස්කරණය හෝ වෙනස් කිරීම; ඔබට සපුරා තහනම් වේ.
 

අන්තර්ගතය සහිත පි‍ටු සඳහා සබඳතාවය;

RSS Feeds භාවිතා කළ හැක්කේ, භාවිතා කරන්නා ප්‍රවේශ වීමේ දී අඩවිය මත සම්පූර්ණ ලිපිය දර්ශණය වන පියවරේ සිටය (www.mobitel.lk ). RSS අන්තර්ගතය වෙනත් ආකාරයකින් ප්‍රදර්ශණයකිරීම හෝ, අතරමැදි පි‍ටුවක් ඇතුල් කිරීම හෝ මතු වී පෙනෙන පි‍ටුවක (Splash Page) හෝ වෙනත්  RSS සම්බන්ධතාවයක හා ව්‍යවහාරික අඩවි පි‍ටුවක අන්තර්ගතයක ප්‍රදර්ශණයකිරීම තහනම් ය.
 

අයිතිය / ගුණාංග;

මොබිටෙල් ලාංඡනය හා වෙළඳ සලකුණ ඇතුලු එහි අඩංගු RSS අන්තර්ගතයේ අයිතිය මොබිටෙල් රඳවා ගනී. RSS Feeds භාවිත යේ වගකීම (www.mobitel.lk)  අඩවියට පැවරිය යුතුය. එම අඩවිය, (www.mobitel.lk )  අඩවි ලාංචනය භාවිතය මගින්,  RSS වෙත සංස්ථාපිත  කර ඇත
 

Feeds අත්හි‍ටුවීමට ඇති අයිතිය

RSS Feeds අතුරින් එකක්  හෝ සියල්ලම ඕනෑම අවස්ථාවක අත්හි‍ටුවීමේ අයිතිය මොබිටෙල් තමන් වෙත රඳවා ගන්නා අතර, ප්‍රදර්ශණය කිරීම, බෙදා හැරීම,  හෝ එසේ නොමැතිනම් RSS Feeds එකක් හෝ සියල්ලම සීමාරහිතව , ඔබගේ මෙම භාවිතා කිරීමේ නියමයන්ගෙන් කිසිවක් උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්හි‍ටුවන ලෙස භාවිත කරන්නන්ගෙන් ඉල්ලා සිටී. මොබිටෙල් ඔබගේ RSS Feeds හෝ ඔබගේ වෙබ් අඩවිය සම්බන්ධ කිසිදු ක්‍රියාකාරකමකට වගකීමෙන් නොබැඳේ.
 

වන්දි පූරණය

පහත කාරණා සම්බන්ධයෙන් ඔබ, හිමිකම් කීමෙන්, ඉල්ලීමෙන්, හෝ හානි කිරීමෙන්, නීතිමය ගාස්තු ඇතුලුව, මොබිටෙල් හා එහි ව්‍යාපාරික සහකරුවන් සියල්ලන්ම, නිදහස්ව තැබීමට හා වන්දිපූරණය කිරීමට එකඟ වන්නේය.
(අ). ඔබගේ මොබිටෙල් වෙබ් අඩවි භාවිතය සහ ඒ හා සබැඳි වෙබ් අඩවි හා / හෝ ඒවායේ ඇති සේවාවන් භාවිතය
(ආ). එහි ඇති නියමයන් හෝ කොන්දේසි කිසිවක් ඔබ විසින් උල්ලංඝනය කිරීම.

වියදම

අඩවිය භාවිතය ගාස්තුවලින් නිදහස් වුව ද, ඔබට අන්තර්ජාල සේවාවන් හා / හෝ VAS සේවාවන් ඇතුලු මොබිටෙල් සේවාවන් භාවිතය සඳහා ගාස්තු සම්පූර්ණයෙන් ගෙවීමට බැඳී සිටී. 
 

අවසන් කිරීම

ලියා පදිංචිය හා /හෝ සඳහා ලැබෙන ඕනෑම ඉල්ලුම්පතක් ප්‍රතික්ෂේප කිරීමේ හා  සේවාව ලබා දීමෙන් පසුව ද, කිසිදු දැනුම් දීමකින් තොරව,  ආරක්ෂක අවශ්‍යතා මත හා / හෝ ණය ලැබීමට ඇති සුදුසුකම හෝ මෙම එකඟතා ගිවිසුමේ නියමයන් හා කොන්දේසිවලට අනුව සේවාවට නියමිත ගාස්තු නොගෙවීම ඇතුලු ඊට පමණක් සීමා නොවූ වෙනත් යම් හේතුවක් මත, සේවාව ඕනෑම අවස්ථාවක අත්හි‍ටුවීමේ අයිතිය මොබිටෙල් වෙත රඳවා ගනී.
එකඟතා ගිවිසුම අවසන් කිරීමේ දී  ඔබ විසින් පහත සඳහන් කරුණු සඳහා මොබිටෙල් වෙත අදාල ගෙවීම් සිදු කළ යුතුය.
 
  • සේවය අවසන් කරන දිනය ඇතුලුව එදින දක්වා සේවාව සඳහා දායකයා විසින් ගෙවිය යුතු හිඟ මුදල් කිසිවක් ඇත්නම්  හා 
  • වෙනත් කිසියම් හිඟ මුදලක් වේනම් ඒවා

බලපවත්වන නීතිය හා නීතිමය සීමාවන්

මොබිටෙල් වෙබ් අඩවි හා ඒ හා සබැඳි අනෙකුත් අඩවි වෙත ඔබගේ ප්‍රවේශය හා / හෝ භාවිතය ශ්‍රී ලංකාවේ නීතියට පාලනය ට යටත් වන අතර ඊට අනුකූල වන අතර, ශ්‍රී ලංකාවේ අධිකරණවල සීමා නොකරන ලද බලසීමාවන්ට යටත් වේ.
 

Looking for...