මොබිටෙල් වෙත සාදරයෙන් පිළි ගනිමු !
ශ්‍රි ලංකා ටෙලිකොම් මොබිටෙල් - ජාතික ජංගම දුරකථන ජාලය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු. අපගේ අති නවීන ජාලය මඟින් ගුණාත්මක වාචික සේවාවන් සහ අධිවේගී අන්තර්ජාල පහසුකම්, ආකර්ෂණීය අමතර සේවා විශේෂාංග , අන්තර්ජාතික රෝමිං පහසුකම් සහ IDD පහසුකම් ආදී විශේෂිත සේවාවන් රැසක් සපයනු ලබයි.
මොබිටෙල් සමඟ ඔබ අත්විඳින සේවාවන් අභිමත පරිදි සහ අපහසුතාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ඔබගේ නව මොබිටෙල් සම්බන්ධතාව භාවිතා කිරීමට ප්‍රථම අවබෝධ කරගත යුතු වැදගත් තොරතුරු කිහිපයක් පහත දැක්වේ.
1) මොබිටෙල් සිම්පත
ඔබගේ ජංගම දුරකථන මාදිලියට වඩාත්ම ගැලපෙන පරිදි සම්මත ප්‍රමාණයේ සිම් කාඩ්පතක්, මයික්‍රො සිම් කාඩ්පතක් සහ නැනෝ සිම් කාඩ්පතක් ඇතුලත් එක් සිම් කාඩ්පත් මොබිටෙල් විසින් ප්‍රදානය කරනු ලබයි.
2) ඔබගේ පළමු බිල්පත
ඔබගේ පළමු බිල්පතේ මාසික ගාස්තුව, සේවාව සම්බන්ධ කර ඇති දින ගණන අනුව සමානුපාතික පදනම මත අය කරනු ඇත. තවද, එකී පැකේජය වෙනුවෙන් නොමිලේ ලබාදෙන දත්ත ප්‍රමාණයක් සඳහා ඔබ හිමිකම් ලබන්නේ නම්, බිල්පත ගණනය කරනු ලබන දින ගණන අනුව එයද, සමානුපාතිකව බෙදනු ලැබේ.
උදා:- මැයි 10 වන දින මිල දී ගන්නා ලද Value 50 පැකේජයක් සලකන්න. බිල්පත් දිනය මාසයේ පළමු දින (01) ලෙස සලකන්න.පළමු බිල්පත සඳහා අදාළ මාසික ගාස්තුව සහ නොමිලේ ප්‍රදානය කරන දත්ත ප්‍රමාණය පහත දක්වා ඇත.
මාසික ගාස්තුව - රු. 50 කි, ඇමතුම් මිනිත්තු 25, SMS සහ MB 40 කි. බිල්පත් කාල පරාසය දින 22ක් වේ.
මාසික ගාස්තුව
50/30 x 22 = රු. 36.67
නොමිලේ ලබාදෙන දත්ත ප්‍රමාණය
25/30 x 22 = මිනිත්තු 18
40/30 x 22 = SMS 29 සහ 29MB
පූර්ණ මාසික ගාස්තුව අය කිරීම 2 වන බිල්පත් වටයේ සිට ක්‍රියාත්මක වනු ඇත.
3) ජංගම දුරකථන දත්ත භාවිතය
බොහොමයක් වාචික පසු ගෙවුම් පැකේජ සමඟ නොමිලේ දත්ත ප්‍රමාණයක් පිරි නැමේ. ඔබගේ ගෙවීම් සැලැස්ම මත අතිරේක දත්ත භාවිතය පදනම් වනු ඇත
ඔබගේ ජංගම දුරකථන දත්ත භාවිතය ඉහළ මට්ටමක පවතී නම් නොමිලේ ලබාදෙන දත්ත ප්‍රමාණයක් සහිත Add On සැලැස්මක් සක්‍රීය කළ හැකි අතර එසේ නොමැති නම් පැකේජය වෙනස් කිරිම පිළිබඳව සලකා බැලිය හැකිය.
5) බිල්පත් පිළිබඳ තොරතුරු
පහත සඳහන් ක්‍රමවේද භාවිතයෙන් ක්ෂණීකවම ඔබගේ දත්ත භාවිතය සහ ගිණුම් ශේෂය පිළිබඳ තොරතුරු දැනගත හැකිය.
•
Mobitel self-care Application වෙත ප්‍රවේශ වන්න.
Click කරන්න
•
My Account Portal හි ලියාපදිංචි වන්න.
Click කරන්න
• ඔබගේ ජංගම දුරකථනය හරහා 1456 Dial කිරීම මඟින් ඔබ කැමති භාෂාවකින් ඔබගේ බිල්පත් සම්බන්ධ තොරතුරු වෙත සවන් දිය හැකිය.
• ඔබගේ දුරකථනය බිල්පත් සම්බන්ධ ක්ෂණික තොරතුරු ලබා ගැනීම සඳහා ඔබගේ මොබිටෙල් දුරකථනය මඟින් #1456# dial කරන්න. E-Bill සේවාව සක්‍රීය කිරීමට #9900# අමතන්න
• දෛනික පාරිභෝගික තොරතුරු ලබාගැනීම සඳහා ලියාපදිංචි වීමට “YES” type කර 4545 වෙත send කරන්න.
6) බිල්පත් ගෙවිය යුතු දිනය
ඔබගේ බිල්පතේ සඳහන් කර ඇති පරිදි බිල්පත් දිනයට පසුව එළඹෙන දින 14 ඇතුලත අදාළ බිල්පත් නිරවුල් කළ යුතුය.
7) මූලික ණය සීමාව
ඔබගේ සේවාවන් බාධාවතින් තොරව පවත්වාගෙන යාම සඳහා තිබිය යුතු උපරිම වටිනාකම ණය සීමාව මඟින් පෙන්නුම් කරයි. මෙම සීමාව ඉක්මවා යාම , ඔබගේ සම්බන්ධතාවය ස්වයංක්‍රීයව අත්හිටුවීමට හේතු විය හැකිය. ඔබ වෙත ප්‍රදානය කෙරෙන ණය සීමාව 75% ක ප්‍රමාණය දක්වා පාරිභෝජනය කිරීමේ දී, SMS හරහා ඔබට ඒ බව දැනුම් දෙනු ඇත. ඔබගේ ණය සීමාව අවසන් වීම මත ඔබ විසින් අන්තර් ගෙවීමක් කළ යුතුව ඇත. ඔබගේ බිල්පතේ සඳහන් කර ඇති පරිදි බිල්පතේ මුලු වටිනාකම මුදල් ගෙවිය යුතු දිනට හෝ ඊට පෙරාතුව ගෙවිය යුතු වටිනාකම වන්නේය.
8) ණය සීමාව ඉහල නැංවීම
පහත සඳහන් ලේඛන ඉදිරිපත් කිරීම මත විශේෂ ඉල්ලීමක් සිදු කිරීමෙන් හෝ ආපසු ගෙවනු ලබන අතිරේක තැන්පතුවක් තැබීම මඟින් ණය සීමාව තවදුරටත් ඉහළ නැංවිය හැකිය.
• අනන්‍යතාව තහවුරු කෙරෙන වලංගු ලේඛනයක් (ජාතික හැඳුනුම්පත / රියදුරු බලපත්‍රය/ විදේශ ගමන් බලපත්‍රය)
• නිසි පරිදි සම්පුර්ණ කරන ලද ණය සීමාව ඉහළ නැංවීමේ අයදුම් පත්‍රය සහ
• පහත සඳහන් ලේඛන වලින් එක් ලේඛනයක්
* ණය කාඩ්පත සම්බන්ධ ගිනුම් ප්‍රකාශය
* ජංගම ගිනුම් ප්‍රකාශය
* වැටුප් පත්‍රිකාව
9) අන්තර්ජාතික සේවාවන්
-තැන්පතු රහිත රෝමිං පහසුකම
තැන්පතුවක් රහිතව වූවද, රෝමිං පහසුකම සැපයිය හැකිය. සක්‍රීය කිරීම සඳහා ඔබගේ මොබිටෙල් දුරකථනය මඟින් #999# dial කරන්න.
- බජට් රෝමිං පහසුකම
විශේෂ කේත අංක හෝ dialing methods නොමැතිව අවම රෝමිං ඇමතුම් ගාස්තු යටතේ බජට් රෝමිං පහසුකම සක්‍රීය කරන්න. රටින් බැහැර වීමට පෙරාතුව මෙම පහසුකම සක්‍රීය කළ යුතු අතර ඔබගේ මොබිටෙල් දුරකථනය මඟින් #999# dial කිරීම මඟින් මෙම පහසුකම සක්‍රීය කළ හැකිය.
-Call Home පහසුකම සහ SMS Home පහසුකම
Call Home සහ SMS Home පහසුකම් භාවිතයෙන් ශ්‍රි ලංකාවේ සිටින ඔබගේ ආදරණීයයන් වෙත විශේෂ අවම ගාස්තු යටතේ ඇමතුම් ලබාදීමේ පහසුකම සහ SMS පහසුකම අත් විඳිය හැකිය. (විශේෂිත Dialing methods අදාළ වේ)
9.4) DATA රෝමිං සැලසුම්
මෙම සැලැස්ම මඟින් Data roaming පහසුකම භාවිතා කරන අතරතුර අවම මිල ගණන් යටතේ අසීමිත ලෙස දත්ත භාවිතා කළ හැකි (දිනකට US$ 5 කි) අතර දත්ත භාවිතය පිළිබඳ තොරතුරු ද දැනගත හැකිය. සක්‍රීය කිරීම සඳහා # 999 # dial කළ කරන්න.
10) අමතර සේවාවන් ( VAS )
mTunes, News Alerts, Religious Thoughts, mInsurance, Astrology Services, Fitness Tips, Jobs Alerts සහ තවත් අමතර (VAS) සේවාවන් රැසක් සක්‍රීය කිරීම සඳහා ඔබගේ මොබිටෙල් දුරකථනය මඟින් 555 dial කරන්න.
11) ඔබගේ බිල්පත් පහත සඳහන් ස්ථාන වලදී නිරවුල් කළ හැකිය
• මොබිටෙල් ශාඛා
• SLT ටෙලිෂොප්
• SLT ප්‍රාදේශීය ටෙලිකොම් කාර්යාල
• සිංගර් මෙගා
• අවසරලත් නියෝජිතයන්
• කීල්ස් සුපර් වෙළඳසැල් (මුදල් ගෙවීමෙන් පැයකින් පසුව ගෙවීම් යාවත්කාලීන කරනු ඇත. ණය කාඩ්පත් මඟින් සහ අත්පිට මුදල් ගෙවීම් පමණි)
• ආර්පිකෝ
• කාර්ගිල්ස් ෆුඩ්
• බැංකු (මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, කොමර්ෂල් බැංකුව, යූනියන් බැංකුව, PABC බැංකුව, DFCC බැංකුව,සෙලාන් බැංකුව සහ වෙනත් බැංකු
අදාළ ස්ථානයට ගොස් ගෙවීම් කිරීම හැරුනු විට ඔබගේ බිල්පත් mCash සේවාව හරහා ද නිරවුල් කළ හැකිය.
12) නව ගනුදෙනු කරුවන්ගේ බිල්පත් ආපසු හරවා එවීම
පළමු බිල්පත ආපසු හරවා එවුවහොත් බාහිර ඇමතුම් ලබාගැනීමේ පහසුකම අත් හිටුවන අතර සම්බන්ධතාව නැවත ලබාදීමේ දී බිල්පත් ගෙවා ඇති බව තහවුරු කරන මෙන් ගනුදෙනුකරුගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
13) ඇමතුම් කළමනාකරණය
13.1) Call waiting
Call waiting විශේෂාංගය වර්තමානයේ සෑම දුරකථනයක්ම මඟින් ලබාදෙන පහසුකමක් වන අතර, ඔබ ඇමතුමක් ලබාගන්නා අවස්ථාවක වුවද, වෙනත් ඇමතුමක් ලැබුණහොත් එකී ඇමතුම ලබාදෙනු ලබන තැනැත්තා කවුරුන් ද, යන්න මෙමඟින් දැනගත හැකිවනු ඇත.
ඔබගේ දුරකථනය මඟින් පහත සඳහන් පරිදි Dial කිරීම මඟින් මෙම සේවාව සක්‍රීය/ අක්‍රීය කළ හැකිය.
සක්‍රීය කිරීම සඳහා - * 43 # dial කරන්න.
අක්‍රීය කිරීම සඳහා - # 43 # dial කරන්න.
13.2) Call conferencing
එකම අවස්ථාවකදී එක් තැනැත්තකුට වඩා වැඩි තැනැත්තන් සංඛ්‍යාවකට එකවර කතා කළ හැකි වන පරිදි Call conferencing පහසුකම සකසා ඇත. මෙය ව්‍යාපාරික ප්‍රජාව
වෙත තම නිල ඇමතුම් ලබාගැනීම සම්බන්ධයෙන් වඩාත් ප්‍රයෝජනවත් වේ.
• පළමු අංකය dial කරන්න.
• ඇමතුම සම්බන්ධ වූ විට එය සක්‍රීයව තබා ගන්න.
• දෙවන අංකය dial කරන්න.. නැවතත් එය සක්‍රීයව තබා ගන්න.
• තැනැත්තන් වැඩි ගණනක් සම්බන්ධ කර ගැනීම සඳහා දෙවන සහ තුන්වන පියවරයන් අනුගමනය කරන්න.
• සියලුම ග්‍රාහකයන් ඇමතුමට සම්බන්ධ කර ගැනීම සඳහා අංක 3 ඇතුලත් කරන්න.
13.3 Missed call alerts (MCA)
ආවරණ කලාපයේ නොමැති වීම, බැටරිය බල රහිත වීම ආදී විවිධ හේතු මත පාරිභෝගිකයාට මඟ හැරුණු ඇමතුමක් (missed call) නැවතත් ලබාගත හැකි වන පරිදි එම ඇමතුම ලබා දී ඇත්තේ කවුරුන් ද, යන්න සඳහන් කරමින් SMS මඟින් පාරිභෝගිකයා වෙත දැන්වීමක් එවීම මෙම පහසුකම යටතේ සිදු කෙරේ.
පහත සඳහන් SMS හරහා මෙම සේවාව සක්‍රීය කිරීමට හෝ අක්‍රීය කිරීමට හැකිය.
සක්‍රීය කිරීම සඳහා - MCA – MCA type කර 7676 වෙත SMS කරන්න.
අක්‍රීය කිරීම සඳහා - MCA DCT type කර 7676 වෙත SMS කරන්න.
14) Call Block පහසුකම සක්‍රීය කිරීම සඳහා
මෙම පහසුකම යටතේ අනවශ්‍ය ඇමතුම් වශයෙන් ඔබට ලැබෙන ඇමතුම් අංක 30 ක් පමණ අවහිර කළ හැකිය.
“YESCB” type කර 2565 වෙත SMS කරන්න. එසේ නැතහොත් Self-Care menu වෙත ප්‍රවේශ වීම සඳහා ඔබගේ දුරකථනය මඟින් # 888 # dial කරන්න.
15) අප වෙත ඇමතුම් ලබා දීම සඳහා
14.1) ඊ මේල්
14.2) තැපැල්
විමසුම් සම්බන්ධයෙන් කළමනාකරු සමඟ සබඳතාවන් සඳහා,
කළමනාකරු,
මොබිටෙල් (පුද්ගලික) සමාගම,
108, ඩබ්ලිව්.ඒ.ඩී.රාමනායක මාවත,
කොළඹ 02,
ශ්‍රි ලංකාව.
14.3) ඇමතුම් :- පැය 24 පුරා පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම
+94 (07) 712755777 හෝ ශ්‍රි ලංකාවේ ඕනෑම ජාලයක් වෙතින් 1717 dial කරන්න.
සිංහල භාෂාව සඳහා අංක 1 Press කරන්න.
දෙමළ භාෂාව සඳහා අංක 2 Press කරන්න
ඉංග්‍රීසි භාෂාව සඳහා අංක 3 Press කරන්න
පැය 24 පුරාම රෝමිං සේවා ක්ෂණික ඇමතුම + (94) (0) 714555555/ ඊ මේල් -
roam@mobitel.lk
Operator Assisted Telephone Line
+ (94) (0) 112330550
ක්‍රියාත්මක වන වේලාව (වැඩ කරන දිනයන් හී පෙ.ව. 8.30 සිට ප.ව. 5.00 දක්වා)
14.4) ෆැක්ස් පණිවුඩ
පාරිභෝගික විමසුම සඳහා + 94 (0) 112330396
16) ප්‍රයෝජනවත් කෙටි සංකේත සහ අංක පහත දැක්වේ.
* # 888 # - සෙල්ෆ් කෙයා තොරතුරු පෝටලය
* # 999 # - මොබිටෙල් රෝමිං තොරතුරු පෝටලය
* # 1456 #/ 1456 IVR - මොබිටෙල් බිල්පත් තොරතුරු පෝටලය
* 443 - IDD සේවාවන්
* 555 - සියලුම VAS ආශ්‍රිත තොරතුරු සඳහා Mobitel One Short Code
* 777 - mTunes
* 225 - ඊ චැනලින්
* 365 - mTicketing (දුම්රිය ප්‍රවේශපත්, චිත්‍රපට සඳහා ප්‍රවේශපත්, ගුවන් යානා ප්‍රවේශපත්)
* 243 - දවසේ ආගමික සිතුවිල්ල
* 247 - Doc Call සේවාව
* # 132 # - නැවත ලියාපදිංචි කිරීමේ තොරතුරු පරික්ෂා කිරීම
* # 151 # - Cash Bonanza දිනුම් අවස්ථා පරීක්ෂා කිරීම
* # 550 # - ඔබ කැමතිම network mode වෙනස් කිරීම
* # 229 # - News alert සේවාවන් පිළිබඳ තොරතුරු
* # 160 # - තොරතුරු සහ මොබිටෙල් CBC සැලසුම් සක්‍රීය කිරීම
* # 111 # - mcash සේවාවන්
* 888 - mGuide