MAIN MENU

1. නව සබදතාවයක් ලබා ගන්නේ කොතැනින් ද?
මොබිටෙල් බිග් එම් මධ්‍යස්ථාන, මොබිටෙල් අවසරලත් බිල්පත් ගෙවීම් මධ්‍යස්ථාන, මොබිටෙල් ශ‍්‍රී ලංකා ටෙලිකොම් ටෙලිෂොප්, ශ‍්‍රී ලංකා ටෙලිකොම්හි ප‍්‍රාදේශීය කාර්යාලවල පිහිටි මොබිටෙල් මධ්‍යස්ථාන හා සිංගර් මෙගා හි පිහිටි මොබිටෙල් මධ්‍යස්ථානවලදී නව සම්බන්ධතාවයන් මිලට ගත හැක.
2. මගේ ණය සීමාව ඉහළ නංවාගත හැක්කේ කෙසේද?
පසු ගෙවුම් සම්බන්ධතාවයකදී ඔබට ලැබෙන ආරම්භක ණය සීමාව ඔබ ලබා දී ඇති නැවත ගෙවන තැන්පතුව ට සමානවේ. කෙසේ වුවද පහත ආකාර වලින් ණය සීමාව වැඩිකරගත හැක . සම්බන්ධතාවය ලබා ගන්නා විට හෝ පසුව අතිරේක තැන්පතු මුදලක් (නැවත ලබාගත හැකි) ලබා දීමෙන් පසුගිය මාස 03ක් ඇතුලත ලබාගත් ජංගම ගිණුම් විස්තරයක්, වැටුප් වාර්තා, ක්‍රෙඩිට් කාඞ්පත් ප‍්‍රකාශන , මීට පෙර ඔබ භාවිතා කළ සම්බන්ධතාවයට අදාල ජංගම දුරකථන බිල් ආදී ලියකියවිලි ඉදිරිපත් කිරීම. ණය සීමාව ඉහළ නැංවීම ඕනෑම මොබිටෙල් ශාඛා මධ්‍යස්තානයකදී, මොබිටෙල් බිග් එම් මධ්‍යස්තානයකදී, මොබිටෙල් අවසරලත් ගෙවීම් මධ්‍යස්තානයකදී සිංගර් මෙහා හි මොබිටෙල් කවුළුවකින් හෝ ‍ශ‍්‍රී ලංකා ටෙලිකොම්හි පිහිටි මොබිටෙල් කවුළුවකින් සිදු කර ගත හැක.

ණය සීමාව ඉහළ දැමීමේ අයදුම්පත මෙතනින් ලබා ගන්න.
3. භාවිතා කල තොරතුරු හා ගිණුම් ශේෂය ලබාගත හැක්කේ කෙසේද?
1456 අංකනය කිරීමෙන් හෝ 4567 ට USAGE යනුවෙන් ලියා කෙටි පණිවිඩයක් යැවීමෙන් හෝ ඔබගේ දුරකතනයේ මොබිටෙල් මෙනුව මගින් කෙටි පණිවිඩයක් යැවීමෙන් හෝ ඔබගේ භාවිතා තොරතුරු හා ගිණුම් ශේෂය දැනගත හැක.
4. මගේ පළමු බිල්පත සදහා ගාස්තු ගණනය කරනු ලබන්නේ කෙසේද?
තෝරාගත් පැකේජ සදහා සම්බන්ධතාවය ක‍්‍රියාත්මක කළ දිනයේ සිට ඊළග බිල් දිනය දක්වා වූ කාලයට අදාලව ගාස්තු අයකරනු ලබන අතර අදාල කාලය සඳහා වූ මාසික ගාස්තු ද අයකරනු ලබයි උදා හරණ ඔබගේ 300 පැකේජය 2006/1/5 දින ලබා ගත්තේ යැයි අනුමත කරන අතර බිල් ගණනය කරන දිනය 2006/1/20 ලෙස අනුමානය කලහොත් මාසික ගාස්තු අය කරනු ලබන්නේ මෙසේය. දින ගනනට අදාල බදු
2006.01.05 සිට 2006.01.19 දක්වා රු. 300/30 x දින 15 = රු. 15
  රු. 300
සම්පූර්ණ මාසික ගාස්තුව රු. 150 + රු. 300 = රු. 450
5. බිලෙහි ගෙවීම කල යුතු දිනය යනු කුමක්ද?
බිල නිකුත් වීමෙන් දින 14 කට පසු දින බිල ගෙවිය යුතු දිනය ලෙස දක්වයි.
6. මගේ බිල්පත් ගෙවීය හැක්කේ කොතැනින් ද?
පහත ස්ථානවලින් ඔබට ඔබගේ බිල්පත් ගෙවිය හැක.

මොබිටෙල් ශාඛා මධ්‍යස්තාන

මොබිටෙල් ශාඛා|‍ ශ‍්‍රී ලංකා ලංකා ටෙලිකොම් ටෙලිෂොප්| ශ‍්‍රී ලංකා ලංකා ටෙලිකොම් ප‍්‍රාදේශීය කාර්යාල| සිංගර් මෙගා |සිංගර් ප්ලස්/සිංගර් සිසිල් හා මොඩන් හෝම්ස් ප‍්‍රදර්ශනාගාර| අවසරලත් නියෝජිතවරුන් වෙතින්

බැංකු

ලංකා බැංකුව | කොමර්ෂල් බැංකු | DFCC වර්ධන බැංකුව | Nations Trust Bank |NDB bank | National Savings Bank | Pan Asia Bank | මහජන බැංකුව | සම්පත් බැංකුව | සෙලාන් බැංකුව | Union Bank | HDFC Bank

කෙටි පණිවිඩ මගින් ගෙවීම - සම්පත් බැංකු, කොමර්ෂල් බැංකු, හැටන් නැෂනල් බැංකු හා බැංකුවල ගිණුම් හිමියන්ට කෙටි පණිවිඩ මගින් බිල්පත් ගෙවීමේ සේවාව ලබා ගත හැක.

*මෙම ගෙවීම් ක්ෂණිකව ගිණුම්ගත නොවේ.
7. මගේ බිල්පත ගෙවීම සදහා ලැබෙන සහන කාලය කොතරම් ද?
ඔබගේ සම්බන්ධතාවයෙහි බිල්පත ණය සීමාව ඉක්ම වූ පසු ඇමතුම් ලබා ගැනීමේ හැකියාව විසන්ධි වේ. ඉන් තෙදිනකට පසු සම්බන්ධතාව තාවකාලිකව විසන්ධි වන අතර ඉන් දින 30 කට පසු සම්බන්ධතාව සම්පූර්ණ ලෙසම විසන්ධි වේ.
8. මගේ සම්බන්ධතාවය තාවකාලිකව හෝ පූර්ණ ලෙස විසන්ධි වූ විට කුමක් කල යුතුද?
ඔබගේ සම්බන්ධතාවය තාවකාලිකව විසන්ධි වූ විට ඔබට නියමිත බිල් අගය ගෙවිය යුතු අතර මෙහිදී ගෙවීමට ඇති මුදල ණය සීමාව නොඉක්මවා තබා ගැනීමට වගබලා ගන්න. ඔබගේ සම්බන්ධතාවය පූර්ණ ලෙස විසන්ධි කර ඇත්නම් සම්පූර්ණ බිල් අගයම ගෙවිය යුතු අතර සම්බන්ධතාවය නැවත ලබා දීමේදී ජාතික හැදුනුම්පත් පිටපතක් අවශ්‍ය වේ.
9. මගේ පසුගෙවුම් පැකේජය මාරු කර ගැනීමට හැකිද?
ඔව්, ඔබ විසින් කල යුත්තේ පැකේජ හුවමාරු කිරීම් පත‍්‍රිකාවක් භාරදීම පමණයි. ලගදීම කෙටි පණිවුඩ සේවාව මගින් ද ඔබගේ පැකේජය මාරු කිරීමට පහසුකම් සැලසීම සදහා මොබිටෙල් සූදානමින් සිටී.
10. පසුගෙවුම් පැකේජයක හිමිකාරිත්වය පැවරිය හැක්කේ කෙසේද?
අපහට ලිඛිතව දැනුම්දීම මගින් ඔබගේ ගිණුමේ හිමිකාරිත්වය තවත් පාර්ශවයකට පැවරිය හැක. නව හිමිකරුට පහත සදහන් ලියකියවිලි සමග අපගේ ශාඛාවට පිවිස එම හිමිකාරිත්වය ලබා ගත හැක. 1. නව හිමිකරුගේ බිල්පත් සාක්ෂි. 2. නව හිමිකරු වෙනුවෙන් ඔබේ තැන්පතු ගාස්තුව පවරන්නේ නැත්නම් ඒ සදහා රු. 1500 ක තැන්පතු ගාස්තුවක් අය කරනු ලැබේ. 3. රු. 500 ක මාරු කිරීමේ ගාස්තුවක් 4. ගනුදෙනුකරුවන් දෙදෙනාගේම ජාතික හැදුනුම්පත් වැඩිවිස්තර සදහා Big M's and branches ; Mobitel authorized payment centers , Mobitel@ Singer Mega and Mobitel@ SLT Teleshops .
11. මගේ සිම්පත හානි වී/අස්ථාන ගතවී ඇත. මා දැන් කුමක් කල යුතුද?
කරුණාකර ලගම පිහිටි බිග් එම් මධ්‍යස්ථානය , සිංගර් මෙගාහි මොබිටෙල් කවුළුව හෝ අවසරලත් මොබිටෙල් ගෙවීම් මධ්‍යස්ථානයක් , වෙත පිවිස නව සිම්පතක් ලබා ගන්න.
ගාස්තුවක් අය කරනු ලැබේ.
12. මම මොබිටෙල් පසුගෙවුම් සම්බන්ධතාවයක හිමිකරුවෙකි. 3G Daily Delight හා 3G Weekly Delight පහසුකම් මට අත්විදිය හැකිද?
3G Weekly Delight 75, 3G Daily Delight 50, සහ 3G Daily Delight 25 පහසුකම් මොබිටෙල් පෙරගෙවුම් සබදතා හිමියන්ට පමණක් පිරිනැමෙන සුවිශේෂී සේවාවකි. මේ නිසා ඔබගේ පසුගෙවුම් සම්බන්ධතාවය සදහා මෙම සේවාව ඇතුලත්කර ගත නොහැක. එහෙත් ඔබ සතුව HSDPA මොඩමයක් හා HSDPA මොඩමයක් සහිත පරිගනකයක් තිබේ නම් SMART සම්බන්ධතාවයක් මිලට ගෙන ඔබටත් 3G Delight සේවාව අත්විදිය හැක.

 

Looking for...