MAIN MENU

Broadband FAQ

1. M3 අධිවේගී අන්තර්ජාල සේවාව යනු කුමක් ද?
M3 අධිවේගී අන්තර්ජාල සේවාව යනු 3.5G ආවරණ කලාපය තුල ඔබ කොතැනක සිටියද Download හා Upload සඳහා අධික වේගයක් ලබාදෙන අන්තර්ජාල සේවාවකි. M3 අධිවේගී අන්තර්ජාල සේවාව ලබා දෙන්නේ HSPA තාක්‍ෂණය මගිනි.
2. HSPA තාක්‍ෂණය යනු කුමක් ද?
HSPA තාක්‍ෂණය යනු High Speed Internet Service ලෙස විග‍්‍රහ කරනු ලබන HSDPA (High Speed Download Packet Access) හා HSUPA (High Speed Uplink Packet Access) තාක්‍ෂණයෙන් පිරිපුන් HSPA උපකරණ සඳහා තත්පරයට මෙගා බයිට් 14.4 දක්වා Downlink වේගයක් හා තත්පරයට මෙගාබයිට් 1.98 දක්වා Uplink වේගයක් ලබා දෙන සේවාවකි.
3. මා විසින් ගෙවීම් කළ යුත්තේ අන්තර්ජාලයට සම්බන්ධ වන වේලාව අනුව ද? නැතහොත් භාවිතා කරන දත්ත ප‍්‍රමාණය අනුව පමණක් ද?
ඔබෙන් අය කරනු ලබන්නේ ඔබ අන්තර්ජාලයේ රැඳි සිටි වේලාව මත පදනම්ව නොව ඔබ භාවිතා කරනු ලැබූ දත්ත ප‍්‍රමාණය අනුවයි.
4. දත්ත ප‍්‍රමාණය ගණනය කරනු ලබන්නේ Downloads සඳහා ද? නැතහොත් uploads සඳහා ද? නොඑසේ නම් මෙම සේවා දෙකම සඳහා ද?
දත්ත ප‍්‍රමාණය මැනීමේ දී මෙම සේවා දෙකම සලකා බලනු ලබයි.
5. මෙගා බයිට් 100 ක දත්ත ප‍්‍රමාණයකින් මා හට කුමක් කළ හැකි ද?
මෙවැනි දත්ත ප‍්‍රමාණයකින් ඊමේල් 1000 ක් බැලීම මෙන්ම MP3 ගීත 25 ක් Download කර ගැනීම හා වෙබ් අඩවි 300 ක් නැරඹීම සිදු කළ හැක. (මෙම අගයන් සඳහන් කර ඇත්තේ අනුමානයන් පදනම් කරගෙන අතර සැබෑ ගණනයන් යම්තාක් දුරකට වෙනස් විය හැක) දත්ත ප‍්‍රමාණ වගුව:
බිට් 8 (b) =බයිට් 1 (B)
බිට් 1024 (b) =කිලෝ බයිට් 1 (KB)
කිලෝ බයිට් 1024 (KB) =මෙගා බයිට් 1 (MB)
මෙගා බයිට් 1024 (KB) =ගිගා බයිට් 1 (GB)
6. මගේ භාවිත දත්ත ප‍්‍රමාණය දැන ගත හැක්කේ කෙසේ ද?
ඔබගේ මොබිටෙල් ගිණුම හරහා මොබිටෙල් වෙබ් අඩවියෙහි My Account ස්ථානයෙන් මෙය ලබා ගත හැක.
7. මගේ ගිණුම නිර්මාණය කරන්නේ කෙසේද?
ගිණුම ආරම්භ කිරීමට දක්වා ඇති Login නම් මෙනුව තුලින් ලියාපදිංචි වන්න. ලියාපදිංචි වීමෙන් පසු ඔබට ක‍්‍රියාත්මක කිරීමේ කේතයක් ලැබෙනු ඇත. කෙටි පණිවිඩයක් මගින් ලැබෙන මෙම කේතය ඊට අදාළ ස්ථානයට ලබා දෙන්න. මෙම කේතය ඔබට ලැබෙනුයේ නිවැරදිව ලියාපදිංචි වූ විට පමණි. මේ පිළිබද වැඩි විස්තර අවශ්‍ය නම් info@mobitel.lk ලිපිනයට —Assistance in creating My Account˜ යනුවෙන් නම් කර ඊමේල් පණිවිඩයක් යවන්න. නොඑසේ නම් 071 275 5777 පාරිභෝගික සේවාව අමතන්න.
8. HSDPA උපකරණයන් තුළින් සේවාව ලබා ගැනීමට පරිගණකයේ තිබිය යුතු පහසුකම් මොනවාද?
උපකරණයේ ස්වභාවය හා වර්ගය අනුව පරිගණක පද්ධතියේ අවශ්‍යතා වෙනස් වෙයි. එහෙත් වර්තමානයේ භාවිතා වන බොහොමයක් පුද්ගල පරිගණක හා Laptop පරිගණක මෙම අවශ්‍යතා වලින් පරිපූර්ණව නිපදවනු ලබයි.

කෙසේ වුවද කිසියම් පරිගණකයක මෙම සේවාව ලබා ගැනීමට පහත සුදුසුකම් අවශ්‍ය වේ.
  • ප්‍රොසෙසරය ගිගා හර්ට්ස් 1 හෝ ඊට වැඩි
  • RAM ධාරිතාව 512 MB හෝ ඊට වැඩි
  • 1 මෙගාබයිට් 100 ක ඉඩ ප‍්‍රමාණයක්
  • වින්ඩෝස් 2000/XP/Vista යන මෙහෙයුම් පද්ධති.

කෙසේ වුවද මෙම අවශ්‍යතා දක්වා ඇත්තේ මාර්ගෝපදේශනයන් සදහා පමණක් වන අතර ඔබ අදහස් කරන උපකරණය මිලදී ගැනීමට පෙර පරිගණක පද්ධතිය ඊට ප‍්‍රමාණවත් සහයක් ලබා දෙන බවට තහවුරු කර ගන්න.

ඔබ භාවිතා කරන පරිගණකය Apple iMax වැනි වෙනස් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරනු ලබයි නම් මොඩම් නිෂ්පාදකයා ඒ සඳහා ලබා දී ඇති උපදෙස් තහවුරු කර ගන්න.
9. M3 අන්තර්ජාල පද්ධතියේ සේවාව ලබා ගැනීමට මිලදී ගත හැකි උපකරණ මාදිලි මොනවාද?
මොබිටෙල් විසින් ලබා දෙන උපකරණ පිළිබද අදහස් ලබා ගැනීමට මෙතනින් පිවිසෙන්න.
10.සේවාව ලබා ගැනීමේ දී මගේ පරිගණකයට වෙනත් විශේෂ වූ මෘදුකාංගයක් ඇතුලත් කළ යුතු ද?
ඔව්. බොහොමයක් උපකරණ තුල මෘදුකාංග අන්තර්ගත වන අතර පළමු සම්බන්ධ කිරීමේ දී එම මෘදුකාංගය ස්වයංක‍්‍රීයව පරිගණකයට ඇතුලත් කරගනු ලබයි. කෙසේ වුවද උපකරණය භාවිතා කිරීමට ප‍්‍රථම නිෂ්පාදකයාගේ උපදෙස් හා නිර්දේශය කියවා බලන්න. තාක්‍ෂණික තොරතුරු පිළිබද තවදුරටත් තොරතුරු මෙතැනින් ලබා ගන්න.

Looking for...

Broadband FAQs