MAIN MENU

Internet Security

"අද පවතින විවෘත අන්තර්ජාලය කුඩා දරුවන් සඳහා ආරක්ෂා රහිත වන අතර මෙම ඩිජිටල් යුගය තුල මාපිය කටයුතු ඉතා අසීරු වී ඇත.එම අනවශ්‍ය ඵමෙන්ම අහිතකර වෙබ් පිටු පාලනය කිරීම සඳහා අවශ්‍ය මෙවලම් මොබිටෙල් විසින් ඔබට හඳුන්වා දෙන අතර ඵමඟින් ඔබපවුලේ සැමට ආරක්ෂාකාරී අන්තර්ජාල සැපයුමක් ලබා දේ"
 
මෙම නවතම සේවාව මඟින් ඔබට ලබා දෙන්නේ,
  • වෙබ් තොරතුරු තේරීමේ සේවාව
  • වයිරස් වලින් ආරක්‍ෂා වීමේ පද්ධතිය

තොරතුරු තේරීමේ පැකේජ දෙක

ඔබ හෝ පවුලේ සාමාජිකයන් පිවිසිය හැකි වෙබ් අඩවි තේරීමකට ලක්කර වෙබ් අවකාශයේ සැරිසරන්නට දැන් මොබිටෙල් වෙතින් අවස්ථාව හිමි වෙයි. පසුගෙවුම්, පෙරගෙවුම් හා බ්‍රෝඞ්බෑන්ඞ් යන සියලූම ග‍්‍රාහකයන්ට ලගම පිහිටි මොබිටෙල් සේවා මධ්‍යස්ථානයකට පිවිස නොමිලයේ හිමිවන මෙම සේවාව ලබා ගත හැක.
 
මේ ඒ සඳහා ලබා දෙන පැකේජ දෙක පිළිබද තොරතුරු ය.
  • ශිෂ්‍ය පැකේජය - වැඩිහිටියන්ට පමණක් සීමාවූ තොරතුරු අන්තර්ගතවන වෙබ් අඩවි වලට යාම මෙම පැකේජය තුලින් අත්හිටුවනු ලබයි.
  • පවුලේ පැකේජය - මෙම පැකේජයේ දී ද භාවිතා කරන්නාගේ මනාපය පරිදි වැඩිහිටියන්ට පමණක් සීමාවූ වෙබ් අඩවිවලට පිවිසීම අත්හිටුවා තැබිය හැක. කෙසේ වුවද අප විසින් මෙම පැකේජයේ හිමිකරුවාට User Name එකක් හා Password එකක් ලබා දෙන අතර එය භාවිතා කරමින් මෙම සීමාවන් අභිබවා තමන්ට රිසි වෙබ් අඩවිවලට පිවිසීමට හැකිවනු ඇත.
     

ගාස්තු

මෙම සේවාව සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරයි.
ලඟම පිහිටි මොබිටෙල් සේවා මධ්‍යස්ථානයකට පිවිස නොමිලයේ හිමිවන මෙම සේවාව ලබා ගත හැක.
 

රහස් කේතය (Password) භාවිතය

ඊමේල් මඟින් ඔබට ලැබී තිබෙන රහස් කේතය (Password)අමතක වී ඇත්නම් හෝ එය වෙනස් කිරීමට අවශ්‍ය නම් Change Password  යනුවෙන් සඳහන් කර ඇති ස්ථානය ඔස්සේ එය සිදු කර ගත හැක. ඔබගේ තොරතුරු ලබා දීමෙන් අනතුරුව නව රහස් කේතය ඔබ ලියා පදිංචි වූ Email ලිපිනයට අප විසින් එවනු ලැබේ.
 
ඔබ භාවිතා කරනු ලබන තොරතුරු තේරීමේ පැකේජය වෙනස් කිරීමට අවශ්‍ය නම් ඕනෑම මොබිටෙල් සේවා මධ්‍යස්තාථායකදී එය සිදු කර ගත හැක.
 

තොරතුරු තෝරා ගැනීමේ සේවාව හා සම්බන්ධව පහත කොන්දේසි ක‍්‍රියාත්මක වන බව කරුණාවෙන් සලකන්න.

  • තොරතුරු තේරීමේ ක‍්‍රියාවලියේදී SSLහෝ TOR වැනි දත්ත සේවා හඳුනාගත නොහැකි අතර එවැනි දත්ත සේවා භාවිතා කරන විට තොරතුරු හඳුනා ගැනීමේ සේවාව ක‍්‍රියාත්මක කල නොහැක.
  • සාමාන්‍ය තොරතුරු අඩංගු වෙබ් අඩවියක් සිය අන්තර්ගතය සඳහා වැඩිහිටියන්ට පමණක් සීමාවූ තොරතුරු යොදාගෙන වෙනස්කර ඇත්නම් එම වෙබ් අඩවියේ ලිපිනය අත්හිටුවීම එසැනින් සිදු නොවන බව සලකන්න.
  • සීමා පැනවීමට තෝරා ගන්නා ලද කාණ්ඩ එකකට හෝ කීපයකට අයත් වුවද එම වෙබ් අඩවි ලිපිනයන් අත්හිටුවනු ලැබේ.
  • පිවසීමට සුදුසු බවට නිර්දේශ කරනු ලැබූ වෙබ් අඩවි ලිපිනයන් වුවද නුසුදුසු යැයි නිර්දේශ කරනු ලැබූ කාණ්ඩයට නම්කර ඇත්නම් එම වෙබ් ලිපිනය අත්හිටුවනු ලැබේ.
  • ඊමේල් මගින් හුවමාරුවන වැඩිහිටියන්ට පමණක් සුදුසු හෝ සීමා පැනවිය හැකි තොරතුරු හුවමාරු වීම් අත්හිටුවීම මේ මගින් සිදු කල නොහැක.
  • තොරතුරු තේරීමේ සේවාව ක‍්‍රියාත්මක වනු ලබන්නේ භාවිතා කරන්නා mobitel3G APN යොදා ගනිමින් සම්බන්ධ වී ඇත්නම් පමණි.
  • තොරතුරු තේරීමේ සේවාවට සම්බන්ධ වී ඇති ගණුදෙනුකරුවකුගේ සම්බන්ධතාවය විසන්ධි වුවහොත් මෙම තොරතුරු තේරීමේ සේවාව ද ස්වයංක‍්‍රියව විසන්ධි වනු ලැබේ. නැවත සම්බන්ධතාවය ලා ගැනීමෙ දී මෙම සේවාව ලබා දෙන්නේ භාවිතා කරන්නා ඒ පිළිබඳව ඉල්ලීමක් කළහොත් පමණි.
  • තොරතුරු තේරීමේ සේවාවේදී සීමා පැනවිය හැක්කේ වෙබ් ලිපින සදහා පමණක් වන අතර Peer-2-peer පද්ධති පණිවුඩ සේවා හෝ Chat Rooms වැනි සේවා හෝ FTP සේවා සදහා එය බලපැවැත්වෙන්නේ නැත.
  • භාවිතා කරනු ලබන නම හා රහස් කේතය පිළිබද ආරක්‍ෂාව තහවුරු කර ගැනීම භාවිතා කරන්නාගේ වගකීමයි.
  • සිය භාවිතානාමය හා රහස් කේතය භාවිතා කර අන්තර්ජාලයේ අසීමිතව සැරිසැරීම ආරම්භ කරනු ලැබූ තොරතුරු තේරීමේ සේවාව ක‍්‍රියාත්මක කර ඇති භාවිතා කරන්නෙකු සිය සෙවීමේ ක්‍රියාවලිය   (Session) තුල නැවත සිය රහස් කේතය හා නාමය ලබා දීම අවශ්‍ය නොවේ. එම සැරිසැරීමේ කාලය අවසන් වී හෝ නව සැරිසැරීමේ ක‍්‍රියාවලියන් ආරම්භ කරයි නම් පමණක් නැවත සිය භාවිතා නාමය හා රහස් කේතය ලබා දිය යුතුය.
  • තොරතුරු තේරීමේ සේවාව හා ලියාපදිංචි වී සිටින භාවිතා කරන්නෙකුට Mobitel wap Proxy සේවාව හා සම්බන්ධ විය නොහැක.
  • තොරතුරු තේරීමේ සේවාව හා සම්බන්ධ වූ භාවිතා කරන්නෙකු හට ඒ පිළිබදව තොරතුරු හා දැනුවත් කිරීමේ ලබා දෙන ප්‍රධාන ක‍්‍රියාවලිය වන්නේ E mail ය. මේ අනුව භාවිතා කරන්නෙකුට රහස් කේතය වෙනස් කිරීම, නව රහස් කේත ලබා ගැනීම, භාවිතා නාමය වෙනස් කිරීම වැනි අවශ්‍යතා වලට අදාල තොරතුරු මෙම සේවාව හා ලියාපදිංචි වූ E mail ලිපිනයට ලබා දෙන අතර එම ලියාපදිංචි E mail ලිපිනයේ ආරක්‍ෂාව තහවුරු කර ගැනීම භාවිතා කරන්නාගේ වගකීමකි.
  • මෙම සේවාව හොදින් හා විධිමත්ව සැපයීමට අප නිරන්තරවම මෙහෙයවන අතර යම්කිසි හෙයකින් ඔබගේ අධිවේගී M3 බ්‍රෝඞ්බෑන්ඞ්  සම්බන්ධතාව හරහා ලැබෙන නුසුදුසු වෙබ් තොරතුරු පිළිබඳ මොබිටෙල් පුද්ගලික සමාගමට වගකීමකින් බැදී නොසිටියි.
  • මෙම වෙබ් තොරතුරු තේරීමේ සේවාව නිවැරදිව ක‍්‍රියාත්මක වීම පිළිබඳ නිරන්තරයෙන්ම තහවුරු කල නොහැක. එම හෙයින් මේ සඳහා වැඩිහිටියෙකුගේ හෝ මේ පිළිබඳ අවධානයකින් පසුවන කෙනෙකුගේ මැදිහත්වීම වැදගත් බවට නිර්දේශ කරනු ලබයි.

 

Looking for...