MAIN MENU

Maritime Roaming

1. Maritime Roaming යනු කුමක්ද?
සමුද්‍රීය නැව් යාත්‍රා සහ පාරු තුල ජංගම දුරකතන භාවිතා කළ හැකි වීම
2. Maritime Roaming සේවය සක්‍රිය කර ගන්නේ කෙසේද ?
ඔබ පසු ගෙවුම් පාරිභෝගිකයෙක් නම් හා ඔබගේ සිම් පතේ රෝමිං සක්‍රියකර ගෙන ඇත්නම් ඔබට එම සේවය ලබාගත හැකිය.maritime roaming සේවය ලබා දෙනු ලබන්නේ ‍තෝරාගත් යාත්‍රා / පාරුවල පමණි. මොබිටෙල් රෝමිං හොට්ලයින් හා සම්බන්ධ වීමෙන් ඔබට රෝමිං පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
3. යාත්‍රාව තුළ දී මට කුමන සේවාවන් ලබා ගත හැකිද?
ඔබට ඇමතුම් හා SMS ලබාගැනීමට හා යැවීමට හැකිය.
4. මෙම සේවාව වෙත පිවිසීමෙන් කුමන ගාස්තු අය කෙරේද?
රෝමිං හොට්ලයින් +94714 555 555 ඇමතීමෙන් ඔබට අයකෙරෙන ගාස්තු පිළිබඳ තොරතුරු දැන ගත හැකිය
5. ඇමතුමක් ලබාගත හැක්කේ කෙසේද?
ඇමතුමක් ලබා ගැනීම සඳහා ඔබ ජාත්‍යන්තර ඇමතුම් ලබා ගැනීමේදී මුලට යොදන "00" හෝ "+" යොදා දුරකතන අංකයට පෙර එක් එක් රට සඳහා නියමිත සංකේත අංකය යෙදිය යුතුය.

Looking for...

Roaming Services