MAIN MENU
1.Loan යනු කුමක් ද?
Mobitel SMART පෙර ගෙවුම් පාරිභෝගිකයන්ට, තම ණය පහසුකම් අවසන් වී ඇති ඕනෑම අවස්ථාවක Loan මගින් රු. 30 ක ණයක් ලබා ගත හැකිය.
2.Loan මගින් ණයක් ගැනීමට සුදුසුකම ලබා ගන්නේ කෙසේ ද?
Loan මගින් ණයක් ලබා ගැනීමට පහත සඳහන් කොන්දේසි සපුරා තිබිය යුතුය:
  • මාස 6 කට වඩා කාලයක් සබඳතාවය පවත්වාගෙන ගොස් තිබිය යුතුය.
  • ඔබ මොබිටෙල් පාරිභෝගික ලියාපදිංචි ප්‍රතිපත්තිය ට අනුකූලව ලියාපදිංචි වී සිටිය යුතුය.
  • ඔබගේ ක්‍රෙඩිට් සීමාව අවසන්ව පැය 24 ක් ඇතුළත ණය ලබා ගැනීමට ඉල්ලුම් කළ යුතුය ගිණුමේ ශේෂය 5 සහ 0 අතර විය යුතුය.
3.ණයක් ඉල්ලා සිටින්නේ කෙසේ ද?
ඔබගේ ජංගම දුරකතනයෙන් #247# ට ඇමතීමෙන් ඔබට ණයක් ඉල්ලා සිටිය හැකිය.
4.ලබා දෙන ණය ප්‍රමාණයේ වලංගු කාල සීමාව කුමක් ද?
රු. 30 ණය ප්‍රදානයේ වලංගු කාලය දින 7 කි.
5.ණය සේවාවේ සැකසුම් ගාස්තුව කොපමණ ද?
සෑම සාර්ථක ණය ඉල්ලීමක් සඳහාම රු. 2.00 ක සැකසුම් ගාස්තුවක් හා බදු අය කෙරේ.
6.මගේ ණය මුදලින් සැකසුම් ගාස්තුව අඩු කෙරෙන්නේ ද?
ණය මුදලින් සැකසුම් ගාස්තුව අඩු නොකෙරේ.
7.ණය සමග මට ලබාගත හැකි සේවාවන් මොනවා ද?
ණය සමග ඔබට ලබා ගත හැකි සේවාවන් වන්නේ:
  • දේශීය ඇමතුම් - මොබිටෙල් වෙතින් මොබිටෙල් වෙත හා මොබිටෙල් වෙතින් අනෙකුත් ජාලයන් වෙත
  • IDD buddy ඇමතුම්
  • IDD ජාත්‍යන්තර ඇමතුම්
  • දේශීය SMS - මොබිටෙල් වෙතින් මොබිටෙල් වෙත හා මොබිටෙල් වෙතින් අනෙකුත් ජාලයන් වෙත
  • ජාත්‍යන්තර SMS
  • ඇමතුම් හරවා යැවීම
  • ඕනෑම ජාලයකින් ලැබෙන ඇමතුම්
8.එක් වරකට මට ණය ඉල්ලීම් කොපමණ සංඛ්‍යාවක් ඉදිරිපත් කළ හැකි ද?
එක් වරකට ඔබට සාර්ථක ණය ඉල්ලීම් ඉදිරිපත් කළ හැක්කේ එකක් පමණි. ඊලඟ සාර්ථක ණය ඉල්ලීම කළ හැක්කේ ඔබගේ පෙර ණය මුදල, ගිණුමට මුදල් බැර කිරීමෙන් පියවා ඇත්නම් පමණි.
9.සතියකට / මාසයකට ණය ඉල්ලීම් ඉදිරිපත් කළ හැකි උපරිම සංඛ්‍යාවක් තිබේ ද?
ඔබ ලබාගන්නා සෑම ණයක්ම ගිණුමට මුදල් බැර කර පියවන්නේ නම්, මසකට ඕනෑම වාර ගණනක් ණය ලබා ගත හැකිය.
10.මට මගේ ණය මුදලේ තථ්‍ය ශේෂය පිරික්සිය හැක්කේ කෙසේ ද?
ඔබගේ ණය මුදලේ තථ්‍ය ශේෂය පිරික්සීම සඳහා

ඔබගේ ජංගම දුරකතනයේ Self-care IVR 141 අමතා අංක 1 යොදන්න.
එසේ නැත්නම්
ඔබ ඔබගේ ජංගම දුරකතනයේ *100# අමතන සෑම අවස්ථාවකම, ලබාගෙන ඇති ණය මුදලේ ශේෂය SMS පණිවිඩයක් මගින් ඔබවෙත දැනුම් දෙනු ඇත.
11.මගේ ණය මුදලින්, mTunes, Any 8 වැනි සේවාවන් සඳහා කෙරෙන අයකිරීම් අඩු කෙරෙන්නේ ද?
ඔබගේ SMARTණය මුදලින් mTunes, Any 8 වැනි සේවාවන් සඳහා කෙරෙන අයකිරීම් අඩු නොකෙරේ. පහත සඳහන් සේවාවන් සඳහා වන අයකිරීම් පමණක් අඩු කෙරේ.

දේශීය ඇමතුම් හා IDD (Premier and Buddy) ඇමතුම්
දේශීය SMS හා ජාත්‍යන්තර SMS
ඇමතුම් හරවා යැවීම
12.මා ලබාගත් ණය මුදල සම්පූර්ණයෙන්ම භාවිතා නොකළේ වුව ද, මා විසින් රු. 30 ක්ම පියවිය යුතු ද?
මා ලබාගත් ණය මුදල සම්පූර්ණයෙන්ම භාවිතා නොකළේ වුව ද, මා විසින් රු. 30 ක්ම පියවිය යුතු ද?

 

Looking for...

Prepaid FAQs