MAIN MENU

Business FAQ

1. නව සබඳතාවයක් ලබා ගන්නේ කොතැනින් ද?
මොබිටෙල් බිග් එම් මධ්‍යස්ථාන, මොබිටෙල් අවසරලත් බිල්පත් ගෙවීම් මධ්‍යස්ථාන, මොබිටෙල් ශ‍්‍රී ලංකා ටෙලිකොම් ටෙලිෂොප්, ශ‍්‍රී ලංකා ටෙලිකොම්හි ප‍්‍රාදේශීය කාර්යාලවල පිහිටි මොබිටෙල් මධ්‍යස්ථාන හා සිංගර් මෙගා හි පිහිටි මොබිටෙල් මධ්‍යස්තානවලදී නව සම්බන්ධථාවයන් මිලට ගත හැක.
2. මගේ ණය සීමාව ඉහළ නංවාගත හැක්කේ කෙසේද?
පසු ගෙවුම් සම්බන්ධතාවයකදී ඔබට ලැබෙන ආරම්භක ණය සීමාව ඔබ ලබා දී ඇති නැවත ගෙවන තැන්පතුවට සමානවේ. කෙසේ වුවද පහත ආකාර වලින් ණය සීමාව වැඩිකරගත හැක .

*සම්බන්ධතාවය ලබා ගන්නා විට හෝ පසුව අතිරේක තැන්පතු මුදලක් (නැවත ලබාගත හැකි) ලබා දීමෙන්
*පසුගිය මාස 03ක් ඇතුලත ලබාගත් ජංගම ගිණුම් විස්තරයක්, වැටුප් වාර්තා, ක්‍රෙඩිට් කාඞ්පත් ප‍්‍රකාශන , මීට පෙර ඔබ භාවිතා කළ සම්බන්ධතාවයට අදාල ජංගම දුරකථන බිල් ආදී ලියකියවිලි ඉදිරිපත් කිරීම.

ණය සීමාව ඉහළ නැංවීම ඕනෑම මොබිටෙල් ශාඛා මධ්‍යස්ථානයකදී, මොබිටෙල් බිග් එම් මධ්‍යස්ථානයකදී, මොබිටෙල් අවසරලත් ගෙවීම් මධ්‍යස්ථානයකදී සිංගර් මෙහා හි මොබිටෙල් කවුළුවකින් හෝ ‍ශ‍්‍රී ලංකා ටෙලිකොම්හි පිහිටි මොබිටෙල් කවුළුවකින් සිදු කර ගත හැක.

ණය සීමාව ඉහළ දැමීමේ අයදුම්පත මෙතනින් ලබා ගන්න
3. භාවිතා කල තොරතුරු හා ගිණුම් ශේෂය ලබාගත හැක්කේ කෙසේද?
1456 අංකනය කිරීමෙන් හෝ 4567 ට USAGE යනුවෙන් ලියා කෙටි පණිවිඩයක් යැවීමෙන් හෝ ඔබගේ දුරකථනයේ මොබිටෙල් මෙනුව මගින් කෙටි පණිවිඩයක් යැවීමෙන් හෝ ඔබගේ භාවිතා තොරතුරු හා ගිණුම් ශේෂය දැනගත හැක.
4. මගේ පළමු බිල්පත සදහා ගාස්තු ගණනය කරනු ලබන්නේ කෙසේද?
තෝරාගත් පැකේජ සදහා සම්බන්ධතාවය ක‍්‍රියාත්මක කළ දිනයේ සිට ඊළග බිල් දිනය දක්වා වූ කාලයට අදාලව ගාස්තු අයකරනු ලබන අතර අදාල කාලය සඳහා වූ මාසික ගාස්තු ද අයකරනු ලබයි
උදාහරණ
ඔබගේ 300 පැකේජය 2006/1/5 දින ලබා ගත්තේ යැයි අනුමත කරන අතර බිල් ගණනය කරන දිනය 2006/1/20 ලෙස අනුමානය කලහොත් මාසික ගාස්තු අය කරනු ලබන්නේ මෙසේය.

දින ගණනට අදාල බදු 2006.01.05 සිට 2006.01.19 දක්වා
= රු.300/30 x දින 15
= රු.150
ඊට අමතරව එක්වන මාසික ගාස්තුව 2006.01.20 සිට 2006.02.19 දක්වා = රු.300
සම්පූර්ණ මාසික ගාස්තුව
= රු.150 + රු.300
= රු.450
5.බිලෙහි ගෙවීම කල යුතු දිනය යනු කුමක්ද?
බිල නිකුත් වීමෙන් දින 14 කට පසු දින බිල ගෙවිය යුතු දිනය ලෙස දක්වයි.
6. මගේ බිල්පත් ගෙවීය හැක්කේ කොතැනින් ද?
පහත ස්ථානවලින් ඔබට ඔබගේ බිල්පත් ගෙවිය හැක.
මොබිටෙල් ශාඛා මධ්‍යස්ථාන
මොබිටෙල් ශාඛා
ශ‍්‍රී ලංකා ලංකා ටෙලිකොම් ටෙලිෂොප්
ශ‍්‍රී ලංකා ලංකා ටෙලිකොම් ප‍්‍රාදේශීය කාර්යාල
සිංගර් මෙගා
සිංගර් ප්ලස්/සිංගර් සිසිල් හා මොඩන් හෝම්ස් ප‍්‍රදර්ශනාගාර
බැංකු
කීල්ස් සුපර්*
කෙටි පණිවිඩ මගින් ගෙවීම - සම්පත් බැංකු, කොමර්ෂල් බැංකු, හැටන් නැෂනල් බැංකු හා බැංකුවල ගිණුම් හිමියන්ට කෙටි පණිවිඩ මගින් බිල්පත් ගෙවීමේ සේවාව ලබා ගත හැක.

*මෙම ගෙවීම් ක්ෂණිකව ගිණුම්ගත නොවේ.
7. මගේ බිල්පත ගෙවීම සදහා ලැබෙන සහන කාලය කොතරම් ද?
ඔබගේ සම්බන්ධතාවයෙහි බිල්පත ණය සීමාව ඉක්ම වූ පසු ඇමතුම් ලබා ගැනීමේ හැකියාව විසන්ධි වේ. ඉන් තෙදිනකට පසු සම්බන්ධතාව තාවකාලිකව විසන්ධි වන අතර ඉන් දින 30 කට පසු සම්බන්ධතාව සම්පූර්ණ ලෙසම විසන්ධි වේ.
8. මගේ සම්බන්ධතාවය තාවකාලිකව හෝ පූර්ණ ලෙස විසන්ධි වූ විට කුමක් කල යුතුද?
ඔබගේ සම්බන්ධතාවය තාවකාලිකව විසන්ධි වූ විට ඔබට නියමිත බිල් අගය ගෙවිය යුතු අතර මෙහිදී ගෙවීමට ඇති මුදල ණය සීමාව නොඉක්මවා තබා ගැනීමට වගබලා ගන්න. ඔබගේ සම්බන්ධතාවය පූර්ණ ලෙස විසන්ධි කර ඇත්නම් සම්පූර්ණ බිල් අගයම ගෙවිය යුතු අතර සම්බන්ධතාවය නැවත ලබා දීමේදී ජාතික හැදුනුම්පත් පිටපතක් අවශ්‍ය වේ.
9.My Best Friend, Friends & Family & Any 8 සදහා නම්කල අංක මාරු කිරීම කල හැකි ද?
ඔව්, දින 30 කට වතාවක් ඔබට මෙම නොම්මර මාරු කල හැක. ඒ සදහා වූ ඔබේ ලිඛිත ඉල්ලීම මොබිටෙල් මධ්‍යස්ථානයකට, බිග් එම් මධ්‍යස්ථානයකට සිංගර් මෙගා මධ්‍යස්ථානයකට හෝ අවසරලත් ගෙවීම් මධ්‍යස්ථානයකට ලබා දීමට හෝ 0112 330396 අංකයට ෆැක්ස් කිරීම හෝ සිදු කල හැක. මෙම නොම්මර මාරු කිරීමේ පහසුකම් කෙටි පණිවියක් යැවීම මගින් ද සිදු කර ගත හැක ඒ සදහා අවශ්‍ය කේත.
10. පසුගෙවුම් පැකේජයක හිමිකාරිත්වය පැවරිය හැක්කේ කෙසේද?
අප හට ලිඛිතව දැනුම්දීම මගින් ඔබගේ ගිණුමේ හිමිකාරිත්වය තවත් පාර්ශවයකට පැවරිය හැක. නව හිමිකරුට පහත සදහන් ලියකියවිලි සමග අපගේ ශාඛාවට පිවිස එම හිමිකාරිත්වය ලබා ගත හැක.
1. නව හිමිකරුගේ බිල්පත් සාක්ෂි.
2. නව හිමිකරු වෙනුවෙන් ඔබේ තැන්පතු ගාස්තුව පවරන්නේ නැත්නම් ඒ සදහා රු. 1500 ක තැන්පතු ගාස්තුවක් අය කරනු ලැබේ.
3. රු. 500 ක මාරු කිරීමේ ගාස්තුවක්
4. ගනුදෙනුකරුවන් දෙදෙනාගේම ජාතික හැදුනුම්පත්

වැඩිවිස්තර සදහා බිග් එම් මධ්‍යස්ථාන, අවසරලත් මොබිටෙල් ගෙවීම් මධ්‍යස්ථාන, සිංගර් මෙගා, හා ශ‍්‍රී ලංකා ටෙලිකොම් ටෙලිෂොප් වෙත පිවිසෙන්න.
11.මගේ පසුගෙවුම් පැකේජය මාරු කර ගැනීමට හැකිද?
ඔව්, ඔබ විසින් කල යුත්තේ පැකේජ හුවමාරු කිරීම් පත‍්‍රිකාවක් භාරදීම පමණයි. ලඟදීම කෙටි පණිවුඩ සේවාව මගින් ද ඔබගේ පැකේජය මාරු කිරීමට පහසුකම් සැලසීම සදහා මොබිටෙල් සූදානමින් සිටී.
12. මගේ සිම්පත හානි වී/අස්ථාන ගතවී ඇත. මා දැන් කුමක් කල යුතුද?
කරුණාකර ලඟම පිහිටි බිග් එම් මධ්‍යස්ථානය සිංගර් මෙගාහි මොබිටෙල් කවුළුව හෝ අවසරලත් මොබිටෙල් ගෙවීම් මධ්‍යස්ථානයක් වෙත පිවිසි නව සිම්පතක් ලබා ගන්න. ගාස්තුවක් අය කරනු ලැබේ.
13. මම මොබිටෙල් පසුගෙවුම් සම්බන්ධතාවයක හිමිකරුවෙකි. 3G Daily Delight හා 3G Weekly Delight පහසුකම් මට අත්විදිය හැකිද?
3G Weekly Delight 75, 3G Daily Delight 50, සහ 3G Daily Delight 25 පහසුකම් මොබිටෙල් පෙරගෙවුම් සබඳතා හිමියන්ට පමණක් පිරිනැමෙන සුවිශේෂී සේවාවකි. මේ නිසා ඔබගේ පසුගෙවුම් සම්බන්ධතාවය සදහා මෙම සේවාව ඇතුලත්කර ගත නොහැක. එහෙත් ඔබ සතුව HSDPA මොඩමයක් හා HSDPA මොඩමයක් සහිත පරිඝනකයක් තිබේ නම් SMART සම්බන්ධතාවයක් මිලට ගෙන ඔබටත් 3G Delight සේවාව අත්විදිය හැක.

 

Looking for...

Business FAQs