MAIN MENU

කොළඹ විශ්ව විද්‍යාලය

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන පද්ධතිය වැඩි දියුණු කිරීමේ අරමුණ ඇතිව,  2008 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී, මොබිටෙල් සමාගම, කොළඹ විශ්ව විද්‍යාලය හා එක්ව,  mLearning ආරම්භ කරනු ලැබිණි. කොළඹ විශ්ව විද්‍යාලය විසින් එහි පළමු පාඨමාලාව වූ විධායක අලෙවිකරන පාඨමාලාව2009 මාර්තු මාසයේ දී උපාධි අධ්‍යයන පීඨයේ දී  ආරම්භ කරනු ලැබිණි. පළමු පාඨමාලාවෙහි සාර්ථකත්වයත් සමගම අනෙකුත් පීඨයන් ද mLearning හා එක්ව මේ වනවිට මෙම සුවිශේෂී අධ්‍යාපනික මෙවලම භාවිතා කරමින් ඔවුන්ගේ පාඨමාලාවන් පිරිනමති. එසේ mLearning හා එක්ව සිටින විශ්ව විද්‍යාල පීඨයන් හා පවත්වනු ලබන පාඨමාලාවන් වන්නේ;
 

උපාධි අධ්‍යයන පීඨය  

  • අලෙවිකරණය පිළිබඳ විධායක ඩිප්ලෝමාව 
  • ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව
  • රාජ්‍ය කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හා පශ්චාත් උපාධිය 
විද්‍යා පීඨය 
  • ව්‍යවහාර ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය

කලා පීඨයේ, ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුව

  • සංචාරක කර්මාන්ත ආර්ථික විද්‍යාව හා හෝටල් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව

 

මාල දිවයින 

උපාධි අධ්‍යයන පීඨයේ පාඨමාලාවන්ගේ සාර්ථකත්වය හා ඒවායේ ක්‍රියාකාරිත්වයේ ප්‍රතිලාභයන් විසින් පොලඹවනු ලැබ, විශ්ව විද්‍යාලය විසින් එම පාඨමාලාවන් mLearning මගින් ශ්‍රී ලංකාවෙන් බැහැර සිසුන්ට ද හදාරන්නටද අවස්ථාව සලසා දී ඇත. ඒ අනුව කොලඹ විශ්ව විද්‍යාලයේ පාඨමාලාවන්, mLearning හරහා මාලදිවයිනට ද ලබා දී ඇත.
 
2010 අප්‍රේල් 20 වෙනි දින එසේ පළමු පාඨමාලාව මාලදිවයින් වෙත හඳුන්වා දෙනු ලැබීය. එම අවස්ථාවට, මාලදිවයින් ජනරජයේ උප ජනාධිපති, වටානියා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඇතුලු ප්‍රධානීන්, උප කුලපති, පීඨාධිපති ඇතුලු කොලඹ විශ්ව විද්‍යාලයේ නියෝජිතයින්, ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති සහ මොබිටෙල් ආයතනයේ ප්‍රධාන විධායක ඇතුලු නියෝජිතයින් සහභාගි වූහ.

 

ශ්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලය

මානව හා සමාජ විද්‍යා පීඨයේ භාෂා අධ්‍යන දෙපාර්තමේන්තුව, විවිධ සිසුන් කණ්ඩායම්වල අවශ්‍යතාවයන් වෙනුවන් විවිධ වැඩසටහන් සකස්කර ඉදිරිපත් කරයි. එය දුරස්ථ අධ්‍යාපනයේ නිර්මාණශීලී ඉගැන්නුම් ක්‍රමවේද භාවිතා කරමින්, උසස් ප්‍රමිතියෙන් යුතු වැඩසටහන් ඉදිරිපත් කිරීමට කැපවී සිටී.
 
mLearing භාවිතා කරමින් දෙපාර්තමේන්තුව පවත්වනු ලැබූ එක් වැඩසටහනක් වන්නේ 'ඉංග්‍රීසි සාහිත්‍යයට ප්‍රායෝගික ප්‍රවේශයක්' යන මතෘකාවෙන් හඳුන්වනු ලැබූ, ඉංග්‍රීසි ගුරුවරුන් සඳහා ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමාවයි. එහි පළමු කණ්ඩායම පාඨමාලාව සාර්ථකව සම්පූර්ණකරන ලද අතර නව කණ්ඩායමක් 2012 වර්ෂය ආරම්භයේ දී බඳවා ගැනීමට නියමිතය.
 
විවෘත විශ්ව විද්‍යාලයේ අමතර පාඨමාලාවන් ඉදිරි මාසවලදී ආරම්භ කිරීමට නියමිත වේ.
 

 

Edinburgh Napier m-MBA

ශ්‍රී ලංකාවේ දුරස්ථසන්නිවේදන සමාගම් අතර පෙරමුණෙහි ‍රැඳී සිටින මොබිටෙල් සමාගම විසින්  නිර්මාණය කරනු ලැබූ ජංගම mLearning වේදිකාව හරහා මෙම සුවිශේෂී වැඩසටහන වෙත ද පිවිසිය හැකිය. ඔබ වෙත ලැප්ටොප් පරිගණකයක් හා අන්තර්ජාල සබඳතාවයක් ඇත්නම් ඕනෑම අවස්ථාවක, ඕනෑම ස්ථානයක සිට එම වැඩ සටහන වෙත පිවිස අධ්‍යයනයෙහි යෙදිය හැකිය. අපගේ එම MBA වැඩසටහන ඔබට කලාපීය හා අන්තර්ජාතික අභියෝගයන්ට ගැලපෙන, පාරිභෝගිකයා කේන්ද්‍රකොටගත්, ජවසම්පන්න හා සුහදශීලී ව්‍යාපාරික පරිශ්‍රයක් ගොඩනගා ගැනීමට උපකාර වෙයි. එම වැඩසටහනෙහි ඉලක්කය වන්නේ, ඔබට සංවිධානය පුරා වෙනස්කම් සිදුකරමින් ඉදිරියට යාමට අවශ්‍ය දැනුම හා කුසලතාවයන් ලබා දෙමින්,  නිරන්තරව වෙනස්වන පරිසරයක පවතින ක්‍රියාකාරී සංවිධානයක ගතික ස්වභාවය පිළිබඳ අවබෝධය ලබා දීමයි.
 
ප්‍රතිලාභයන්
  • Edinburgh Napier m-MBA, ඔබට ඕනෑම අවස්ථාවක, ඕනෑම ස්ථානයක, ඕනෑම වෙලාවක තරඟකාරී හා වාසි සහගත තත්වයක් ඇතිකර ගැනීමට උපකාරී වෙයි.
  • මොබිටෙල් ජංගම mLearning හරහා ඊට පිවිසිය හැකිය
  • Edinburgh Napier m-MBA මගින්, ඒ හා බැඳුනු අපගේ අධ්‍යයනික කාර්යමණ්ඩලයේ  සහාය ඍජුවම අන්තර්ජාලය හරහා ලබාගත හැකිය
  • එය එක්සත් රාජධානියේ හොඳින් ස්ථාපිත වූ, පිළිගත් MBA පාඨමාලාවකි
 
ඔබට ඉගෙන ගත හැකි දේ

ඔබට වසර දෙකක කාලයක් තුළ සෙමෙස්ටරයකට මොඩියුල දෙක බැගින් අධ්‍යයනය කළ හැකිය.

  • ආයතනික හැසිරීම හා කළමනාකරණය
  • දිගුකල් පැවැත්ම ඇතිකරලීම
  • තරඟකාරී වාසිසහගත බව පවත්වා ගැනීම
  • විශ්ව පරිසරයෙහි ව්‍යාපාරික ආර්ථිකවිද්‍යාව
  • ක්‍රමෝපායික කළමනාකරණයෙහි නූතන ගැටලු
  • කළමනාකරුවන් සඳහා පර්යේෂණ කුසලතා 
  • MBA ව්‍යාපෘතිය
 
සිසු අත්දැකීම
 
ජාලගත වැඩසටහන ‍තෝරාගැනීම මගින් ඔබට ශ්‍රී ලංකාවෙහි සිට එක්සත් රාජධානියෙහි උපාධියක් සඳහා ඉගෙනගත හැකිය. ජාලගත පරිසරය ඔබට අන්යෝන්‍ය ක්‍රියාකාරී, ස්වයං මෙහෙයවීමක් සහිත ඉගෙනුම් කටයුතු වෙත ප්‍රවේශයක් ලබා දෙයි. එමෙන්ම එය ඔබට මොඩියුල නායකයින් හා සමකාලීන සිසුවන් සමග සබඳතා පවත්වා ගනිමින් ඉගෙනීමට හා අධ්‍යයනයේ යෙදෙන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා දෙයි. අපගේ MBA පාඨමාලාව අභ්‍යාසයන් මත පදනම් වූ ප්‍රවේශයක් ඇතිව ඔබට, ප්‍රායෝගික අවස්ථාවන්වල දී න්‍යායයන් භාවිතා කරමින්,   සැබෑ ජීවිත තත්වයන් හා සිද්ධි අධ්‍යයනයන් මගින් ව්‍යාපාරික ගැටලු විසඳා ගැනීමට උපකාර කරයි. සම්පූර්ණ අධ්‍යයන කාලය තුළ දී ඔබට පූර්ණ සහාය ලැබෙන අතර සෑම සෙමෙස්ටරයක් ආරම්භයේ දී ම හඳුන්වාදීමේ දේශනවල දී Edinburgh Napier m-MBA දේශකයින් මුණගැසෙනු ඇත.ඔබට ඔබගේ පන්ති සගයින්, දේශකයින් හා MBA උපාධිධරයින් සමග සබඳතා ජාලයක් ගොඩ නගා ගැනීමට හැකි වනු ඇත.
 
ඇතුළත්වීමේ සුදුසුකම්
 
ඔබ ගෞරව උපාධියක් හෝ ඊට සමාන උපාධියක් සමග අවම වශයෙන් වසර දෙකක අදාල වෘත්තීය පලපුරුද්දක් ලබා තිබිය යුතුය. ඒ හා සමානව, සාමාන්‍ය උපාධියක් හෝ ඊට සමාන උපාධියක් සමග අවම වශයෙන් වසර හතරක අදාල වෘත්තීය සුදුසුකම් හෝ කළමනාකරණ හෝ අධීක්ෂණ පළපුරුද්ද ද සලකා බැලේ. ඉංග්‍රීසි ඔබගේ මව් භාෂාව නොවන්නේ නම් ඔබ IELTS 6.0 හෝ TOEFL 575 හෝ ENU ඉංග්‍රීසි ඇගයීම සමත්ව සිටිය යුතුය.
 
 
ගාස්තු
 
පවුම් 6000. 2011/2012 සැසියට 10% ක වට්ටමක් හිමි වේ. 
 
වැඩිදුර විස්තර : www.napier.ac.uk/business-school/mba/srilanka
දුරකතනය : +94 (0)713777666
 

වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර +94 712 65 6565 අමතන්න

 

 

City and Guilds 
 

City and Guilds International (Sri Lanka) ආයතනය ලොව පුරා රටවල් 102 ක මධ්‍යස්ථාන 8500 ක, පුහුණු කටයුතු, විභාග හා කුසලතා සංවර්ධන වැඩසටහන් පවත්වාගෙන යන City and Guilds International  UK හි අනුබද්ධිත ආයතනයකි. City and Guilds ආයතනය ශ්‍රී ලංකාවෙහි වසර 60 කට වඩා වැඩි කාලයක් ස්ථාපිතව පවතින, මධ්‍යස්ථාන පනහක් හරහා, සෑම වෘත්තීය අංශයකම පාහේ, ජාත්‍යන්තරව පිළිගත් වෘත්තීය සුදුසුකම් ලබා දෙන ආයතනයකි. mLearning මගින් ඔවුන් විසින් පිරිනමනු ලබන පළමු වැඩසටහන වන්නේ ඉංග්‍රීසි කථා කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීමේ විශේෂ අරමුණ ඇතිව ක්‍රියාත්මක කෙරෙන ජනතාවගේ සාපේක්ෂ ඉංග්‍රීසි භාෂා ශක්තතාව ඔසවා තැබීමේ වැඩසටහනකි. මෙම මූලාරම්භය ක්‍රියාත්මක කරන දේශීය ආයතනය වන්නේ Skills International  ය. Skills International ආයතනය City and Guilds International UK විසින් බලය පවරනු ලැබූ එහි කොටස් කරුවකු වන අතර එහි  මූලික පරමාර්ථයන් වන්නේ වෘත්තීය ප්‍රවේශය හා උන්නතිය ඉලක්ක කොටගත් City and Guilds වැඩසටහන් ප්‍රවර්ධනය හා ක්‍රියාත්මක කිරීමයි

වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර +94 712 65 6565 අමතන්න

කාර්මික පුහුණු අවස්ථා සඳහා පහසුකම් සැලසීමේ පුරෝගාමියා ලෙස තවත් එක් පියවරක් ඉදිරියට තබමින්, mLearning ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (National Apprentice and Industrial Training Authority - NAITA ) වෙත ද ව්‍යාප්ත වෙමින්, දිවයින පුරා ඇති එම ආයතනයේ ප්‍රාදේශීය මධ්‍යස්ථානවල සිසුන් වෙත කාර්මික පුහුණුව හා ආධුනිකත්ව සංවර්ධන වැඩසටහන් පැවැත්වීමේ හැකියාව ලබා දී ඇත.
 
mLearning හරහා, දිවයිනේ ඕනෑම පෙදෙසක සිට සිසුනට වෘත්තීය අධ්‍යාපනයේ න්‍යායාත්මක කොටස් හැදෑරිය හැකිය. සිසුන්ට සජීවීව එම දේශනයන්ට සහභාගිවීමට මෙන්ම තම කාලය කළමනාකරණය කර ගනිමින් එම දේශනයන් වීඩියෝගත කර ලබා දෙන  දර්ශන වෙත පසුව ප්‍රවේශ වීමට ද හැකිය. ඒ මගින් සිසුන්ට, කොලඹ ස්ථානගතව සිටින පළපුරුදු දේශකයින්ට සවන් දීමට ද අවස්ථාව ලැබේ.
 
වසර 40 ක ඉතිහාසයක් හා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම පිහිටි ප්‍රාදේශීය මධ්‍යස්ථාන ඇති NAITA ආයතනය,  ශ්‍රී ලංකාවේ දුර බැහැර පෙදෙස්වල වෙසෙන සිසුන් වෙත ඔවුන්ට අවශ්‍ය දැනුම හා කුසලතාවයන් බෙදා දීමට සුදුසුම මාධ්‍යයක් වෙයි. 
 

කෘෂි තාක්ෂණ හා ග්‍රාමීය විද්‍යා ආයතනය - හම්බන්තොට

මෙම ආයතනය 'ගොවි ජනතාව නවීන දැනුමෙන් හා තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ කරමින් ශ්‍රී ලංකාවේ ගොවිතැන ගෞරවාන්විත වෘත්තීයක් ලෙස ඔසවා තැබීම' අරමුණ කොට ශ්‍රී ලංකා රජය විසින්   පිහි‍ටුවනු ලැබූවකි.

එහි මූලික වගකීම වන්නේ ' වර්තමානයෙහි කෘෂිකර්මාන්තයෙහි  හා කෘෂි - තාක්ෂණයෙහි යෙදී සිටින්නන් අතර කෘෂිතාක්ෂණය හා ග්‍රාමීය විද්‍යාවන් හි උසස් අධ්‍යාපනය සඳහා පහසුකම් සැලසීම, ව්‍යාප්ත කරලීම හා සංවර්ධනය කිරීම' වේ.

වර්තමානයෙහි එම ආයතනය විසින් ගොවි ප්‍රජාව වෙත ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමාවන් ලබා දීම සඳහා mLearning භාවිත කෙරේ. 

වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර  +94 712 65 6565 අමතන්න

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා ජාතික අන්තර්ජාල දුරස්ථ අධ්‍යාපන සේවය (  National Online Distance Education Service -NODES )

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිට mLearning 'ජාතික උසස් අධ්‍යාපන ඉගෙනුම් වේදිකාවක්' ලෙස භාවිතා කරමින් සිටී. මෙම මූලාරම්භය අමාත්‍යාංශයේ 'සැමට දැනුම සමසේ' තේමාව යටතේ ක්‍රියාත්මක වැඩසටහන මගින් අපේක්ෂිත දිවයින පුරා උසස් අධ්‍යාපනයට ඇති බාධාවන් ඉවත් කිරීමේ අරමුණ කරා ලඟා වීමට සහාය වෙයි.

ඒ අනුව , උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සිසුන්ට mLearning හරහා තම අභිමතය අනුව, දිවයිනපුරා පිහිටා ඇති පිළිගත් දේශීය රජයේ, පෞද්ගලික හා ජාත්‍යන්තර විශ්ව විද්‍යාල මගින් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සලසා දෙයි. කිසියම් පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වන සිසුන්ට NODES මධ්‍යස්ථාන මගින් හෝ සිය නිවසේ සිටම එම පාඨමාලාවන් හැදෑරිය හැකිය. 

එහි ආරම්භක වැඩසටහන් වන්නේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණය හා ජාතික අධ්‍යාපන ධාරාවේ උසස් පෙළ හදාරන සිසුන් සඳහා උපකාරක පන්ති වේ.
අනෙකුත් පාඨමාලාවන් ඉදිරි මාසවල දී ආරම්භ කිරීමට නියමිත ය.
 

mLearning මගින් නවක විශ්ව විද්‍යාල සිසුන් සඳහා 'නායකත්ව හා ධනාත්මක චින්තනය' පුහුණු වැඩසටහන් 

දිවයින පුරා මධ්‍යස්ථාන 28 ක දී, නවක විශ්ව විද්‍යාල සිසුන් 10,000 ක් පමණ සහභාගි වූ, පුහුණු හා සංවර්ධන වැඩ සටහන ආරම්භවන මොහොතේ දී, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මතිතුමන් විසින් අරලිය ගහ මන්දිරයේ සිට ඔව්හු අමතනු ලැබූහ. එම ඇමතීම ඔවුන් වෙත විකාශය කරනු ලැබුවේ, මොබිටෙල් වෙතින් සැපයුනු mLearning ජාතික උසස් අධ්‍යාපන වේදිකාව මගිනි.

ශ්‍රී ලාංකිකයින් අතර පුද්ගල සංවර්ධනය ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දියත් කෙරුණු,  'නායකත්ව හා ධනාත්මක චින්තනය' පුහුණු වැඩසටහන, ශ්‍රී ලාංකික තරුණයින් ධනාත්මක චින්තනය වෙත නැඹුරු කරවා බලගැන්වීමට උපකාර කරයි. එම පාඨමාලාවට තීරණ ගැනීම,  කණ්ඩායම් ක්‍රියාකාරකම්, සහකම්පනය, පෞරුෂත්වය ගොඩනංවීම, අන්තර්යැපීම හා ගැ‍ටුම් නිරාකරණ යාන්ත්‍රණය වැනි මාතෘකාවන් ඇතුලත්ය. 

වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර +94 712 65 6565 අමතන්න
 
 

 

Aitken Spence
 
Aitken Spence, රටපුරා විශාල භූමි ප්‍රදේශයක විසිරුනු සහායක සමාගම්, දෙපාර්තමේන්තු හා සේවකයින් පිරිසක් ඇති සංස්ථාපිත සමාගමකි. එහෙයින් ඔව්හු මේ වනවිට ඔවුන් අතර සබඳතා පවත්වා ගැනීමට, පුහුණු කටයුතු සඳහා, තොරතුරු හුවමාරුවට සහ සන්නිවේදනය සඳහා, ඉතා අඩු පිරිවැයක් දරමින් මොබිටෙල් mLearning භාවිතා කරති. එසේ නොකරන්නට ඒ සඳහා අති විශාල පිරිවැයක් දරන්නට සිදුවනු ඇත.

වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර   +94 712 65 6565 අමතන්න.
 

CIMA tuition via mLearning

මොබිටෙල් විසින් හඳුන්වා දුන් mLearning විප්ලවීය ඉගෙනුම් වේදිකාව මගින්, ලොව විශාලතම වෘත්තීයමය කළමනාකරණ ගනකාධිකාරීන් ගේ ආයතනය වන සිමා වෙත, දිවයිනේ ප්‍රථම 'දැනුම අපනයනය' කිරීමේ අවස්ථාව සලසා දී, ලොව සුපතල ශ්‍රී ලාංකික  දේශකයින් ගේ අත්දැකීම්, විදෙස් සිසුන් සමග බෙදා හදා ගැනීමට අවස්ථාව සලසා දී ඇත. ලොව පළමුවරට මුල පුරන ලද එම ඉගෙනුම් වේදිකාව මගින් පාකිස්ථානය, නේපාලය, බංගලාදේශය, මාලදිවයින්, උතුරු අප්‍රිකාව, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ගල්ෆ් කලාපය ඇතුලු රටවල් 20 ට වැඩි සංඛ්‍යාවක සිසුන් මේ වන විට සිමා හි අති දක්ෂ සම්පත්දායකයන් විසින් පවත්වනු ලබන සජීවී දේශන හා පුනරීක්ෂණ පන්තිවලට සහභාගි වෙති.
 
මෙම මූලාරම්භය මගින්, ලොව පුරා සිටින සිමා සිසුන්ට ඕනෑම තැනක සිට, ඕනෑම අවස්ථාවක අන්තර් ජාලය හරහා mLearning වෙත පිවිස දේශකයින් හා සම්බන්ධ වෙමින් දැනුම ලබා ගත හැකිය.
 

ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යාලය

ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යාලය මේ වනවිට  දිවයින පුරා විසිර සිටින ශල්‍ය වෛද්‍යවරුන් සඳහා දේශන හා වැඩමුළු පවැත්වීමට mLearning භාවිතා කරයි. ආරෝග්‍යශාලාවන් හි දිනපතා ඇතිවන තදබල අවශ්‍යතාවයන් ගේ ස්වරූපය අනුව එය අත්‍යවශ්‍ය සේවාවක් බවට තහවුරු වී ඇත. නව ප්‍රතිකාර ක්‍රමවේදයන් ඉගෙනීමට හා සිය දැනුම යාවත්කාලීන කර ගැනීමට ද එය දුර බැහැර සිටින ශල්‍ය වෛද්‍යවරුන්ට ඔවුන්ගේ පහසුව අනුව අවස්ථාව සලසා දෙයි.

mLearning හි නම්‍යශීලීබව, සැත්කම් සිදු කෙරෙන අවස්ථාවලදී පවා සජීවීව විකාශය කරමින් ඕනෑම රෝහලකට හෝ ශල්‍ය වෛද්‍යවරයෙකුට  තනිව ඉගෙනීමේ හා ඉගැන්වීමේ පහසුකම විද්‍යාලය වෙත ලබා දී ඇත.

වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර   +94 712 65 6565 අමතන්න.
 
 

 

Looking for...