MAIN MENU

 

නිතර නගන ප්‍රශ්ණ

1. පෙරගෙවුම් සංචාරක SIM පැකේජය කොපමණ මි වේද?

පෙරගෙවුම් සංචාරක SIM පැකේජය, සියලු බදු ඇතුළත්ව රු. 1200 කට හා හා රු. 500 කට මිල නියම කර ඇත.

2. පෙරගෙවුම් සංචාරක SIM පැකේජයක් භාවිතා කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවාද? 

පෙරගෙවුම් සංචාරක SIM පැකේජය පහත සඳහන් පූර්ව ප්‍රදාන ප්‍රතිලාභයන් සමග ඔබ වෙත පැමිණෙයි.

  • ඔබ පදිංචි රටේ ජංගම හෝ ස්ථිර දුරකතනවලට නොමිලයේ ජාත්‍යන්තර ඇමතුම් 
  • ලොව ඕනෑම තැනකට නොමිලයේ ජාත්‍යන්තර SMS 
  • ජංගම හෝ ස්ථිර දුරකතන මගින් ඕනෑම ක්‍රියාකරුවෙකුට ලබාගන්නා ඇමතුම් කාලය නොමිලයේ 
  • ඕනෑම දේශීය ක්‍රියාකරුවෙකුට නොමිලයේ SMS
  • නොමිලයේ දත්ත 

ඉහත දීමනා, ක්‍රියාත්මක කල දින සිට දින 30 ක් දක්වා වළංගු වේ.

3. පෙරගෙවුම් සංචාරක SIM පැකේජයක් මි දී ගත හැක්කේ කොතැනින් ද?

පහත දැක්වෙන ඕනෑම තැනකින් පෙරගෙවුම් සංචාරක SIM පැකේජයක් මිළ දී ගත හැකිය;

  • බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තො‍ටුපොලේ පැමිණීම් ශාලාවේ (Arrival Launge) පිහිටා ඇති මොබිටෙල් කවුන්ටරයෙන්
  • දිවයින පුරා පිහිටි මොබිටෙල් වෙළඳ ස්ථානවලින්
  • දිවයින පුරා  පිහිටා ඇති බලයලත් හවුල්කාර සිල්ලර වෙළඳ ස්ථානවලින්
     

4. පෙරගෙවුම් සංචාරක SIM පැකේජයකට මුදල් ගෙවා, තැන්පතු ඉහල නංවා ගන්නේ (Top-up) කෙසේ ද?

පහත දැක්වෙන ආකාරවලින් ඔබට තැන්පතු ඉහල නංවා ගත හැකිය.

  • වීදි දෙපස ඇති ඕනෑම සිල්ලර වෙළඳසැලකින් තැන්පතු කාඩ් පතක් (Top-up card) මිල දී ගැනීමෙන්
  • වීදි දෙපස ඇති ඕනෑම සිල්ලර වෙළඳසැලකින් විද්‍යුත් ක්‍රමයට 
  • www.mobitel.lk/myaccount මගින් අන්තර්ජාලයෙන්
  • www.ezetop.com හෝ m.ezetop.com මගින් PayPal හරහා ඔබගේ ජාත්‍යන්තර ක්‍රෙඩිට් / ණය කාඩ් පත භාවිතා කර, ජාත්‍යන්තර තැන්පතු ඉහල නැංවීමේ හවුල් කරුවන් ගේ සහායෙන්

5. සංචාරක SIM පැකේජයේ මුදල් ශේෂය පරීක්ෂාකර ගන්නේ කෙසේද?

ඔබ කළ යුත්තේ දුරකතනයෙන් *100# ඇමතීම පමණයි. ඔබගේ ප්‍රධාන ගිණුමේ ශේෂය USSD පණිවිඩයක් ලෙස දිස්වනු ඇති. අනතුරුව ඔබගේ පැකේජය හා අදාලව නොමිලේ ලැබෙනදෑවල ඉතිරිය පිළිබඳ විස්තර SMS පණිවිඩයක් ලෙස ලැබෙනු ඇත.

6. මගේ පෙරගෙවුම සඳහා නොමිලයේ ලැබෙන දෑ අවසන් වී හෝ අහෝසි වී ඇත්නම් විදේශ ඇමතුමක් / SMS / දේශීය ඇමතුමක් ලබාගන්නේ කෙසේ ද?

විදේශ ඇමතුමක් ලබා ගැනීමට ඔබ කල යුත්තේ ඔබගේ ගිණුමේ ශේෂය නංවා ගැනීම පමණයි. අනෙක් අන්තය මත පදනම් වූ ගාස්තු අයකෙරෙනු ඇත.

7. මෙම SIM කාඩ් පත භාවිතා කරමින් මට බ්ලැක්බෙරි සේවාවන් අත්විඳිය හැකි ද?

ඔබගේ ගිණුමේ ශේෂය ඉහල නංවා ගැනීමෙන් පසු, කරුණාකර #233# අමතා අපගේ පෙරගෙවුම් BIS සැලසුමක් සක්‍රිය කරවා ගන්න.

Looking for...