මොබිටෙල් සේවාව ලෙස ඔබගේ ඇමතුම් කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය පිළිබද අපට අවබෝධයක් ඇත්තෙමු. ඔබට අවශ්‍ය ඔබගේ ඇමතුම රදවා තබා ගැනීමට ද, නැතහොත් වෙනත් අංකයකට යොමු කිරීමට හෝ කිසියම් ඇමතුමක් අවහිර කිරීම හා සම්බන්ධ සියලූ සේවා මොබිටෙල් වෙතින් පිරිනමනු ලබයි.
මොබිටෙල් පසුගෙවුම් සේවාව අත්විදින ඔබ, ඔබට අනවශ්‍ය යැයි හැගෙන නොම්මර 30 දක්වා අවහිර කිරීමට පහසුකම් ලබයි. අනවශ්‍ය යැයි සැලකෙන අංකවලින් ලැබෙන මෙම ඇමතුම් අවහිර කිරීමට 2565 අංකයට කෙටි පණිවිඩයක් යවා හෝ # 888 # අංකනය කර ස්වයංක‍්‍රීය උපකාරක මෙනුවට පිවිසෙන්න. 2565 ට කෙටි පණිවිඩයක් යොමු කිරීම.
අවශ්‍යතාවය | පණිවිඩය |
ඇමතුම් අවහිර සේවාව ක‍්‍රියාත්මක කිරීම | YESCB |
අවහිර කල යුතු නොම්මර ඇතුලත් කිරීම | ADD <number> |
අවහිර කිරීම සදහා නම් කල නොම්මරයක් ඉන් ඉවත් කිරීම | RM <number> |
අවහිර කිරීමට නම්කල නොම්මර බලා ගැනීම | CB |
ඇමතුම් අවහිර කිරීමේ සේවාවේ කේත අංක ලබා ගැනීම | INFO |
ඇමතුම් අවහිර කිරීමේ සේවාව අක‍්‍රිය කිරීම | NOCB |
ස්වයංක‍්‍රිය උපකාරක මෙනුව භාවිතය # 888 #
# 888 # අංකනය කිරීමෙන් අනතුරුව උපමෙනු අංක 2 ඇතුලත් කර (ක‍්‍රියාත්මක කිරීම් හා අක‍්‍රිය කිරීම්) අනතුරුව උපමෙනු අංක 5 ලබා දෙන්න. (අවහිර කිරීම)
ගාස්තු
කාර්යබහුල වේලාවකදී හෝ ඔබගේ දුරකතනයේ බැටරිය අවම ධාරිතාවක පවතින විට හෝ ආවරණ කලාපයකින් බැහැරව සිටින විට හෝ ඔබට ලැබෙන ඇමතුම මග නොහැර ලබා ගැනීමට Call Forwarding සේවාව උපකාරී වෙයි. මේ තුලින් එවන් අවස්ථාවකදි ඔබට පැමිණෙන සියලූ ඇමතුම් වෙනත් නොම්මරයකට නැතහොත් ස්ථාවර දුරකතනයකට වුවද යොමු කල හැකි අතර එහිදී වෙනත් කෙනෙකුට එම ඇමතුම්වලට පිළිතුරු දිය හැක.
##002# අංකනය කරන්න.
ක්‍රෙඩිට් නොමැති අවස්ථාවක ඔබට ඇමතුමක් ලබා ගන්නට අවශ්‍යම නම් කුමක් කළ යුතු ද? මෙම ගාස්තු රහිත සේවාව වෙතින් ඔබට වෙනත් මොබිටෙල් පාරිභෝගිකයෙකුගෙන් ආපසු ඇමතුමක් ලබාදෙන ලෙස (Call-back) දන්වා යැවෙන SMS පණිවිඩයක් ඉල්ලා සිටිය හැකිය. USSD "#359* මොබිටෙල් අංකය#" ඇමතීමෙන්, ඇමතුමක් ඉල්ලා SMS පණිවිඩයක් යැවෙනු ඇත.
සක්‍රිය කර ගැනීම
සක්‍රිය කර ගැනීමක් අවශ්‍ය නැත. USSD ඇමතීමේ ක්‍රමය භාවිතා කිරීමෙන් සේවාව ලබා ගත හැකිය.
භාවිතය
ආපසු ඇමතුමක් ගෙන්වා ගැනීමට "#359* මොබිටෙල් අංකය #" අමතන්න. උදා; "#359*0712345678#"
අයකිරීම්
මෙය ගාස්තුවලින් නිදහස් සේවාවක් වන අතර සතියකට උපරිම වශයෙන් Call Me SMS 20 කට භාවිතය සීමා වෙයි.
නිතර නැගෙන ප්‍රශ්ණවලට පිළිතුරු සඳහා මෙතැන ක්ලික් කරන්න
**සටහන - මෙම සේවාව පෙරගෙවුම් පාරිභෝගිකයන්ට පමණි.