MAIN MENU

Postpaid Roaming

1. මගේ සිම් පතේ රෝමිං ක්‍රියාත්මක කරගන්නේ කෙසේද?
ඕනෑම මොබිටෙල් ශාඛාවක් වෙත පැමිණ ආපසු ගෙවනු ලබන රු. 25,000/- ක තැන්පතුව ගෙවන්න.
Corporate ගිණුමක් යටතේ පවතින සබඳතාවයක් නම් සමාගමෙන් බලය පැවරෙන ලිපියක් අවශ්‍ය වේ.
2. තැන්පතුවක් තබාගත හැක්කේ කුමන ආකාරයෙන් ද?
  • මුදල්
  • බැංකු ඇපයක්
  • ණය පත් ගෙවීමක් (Credit Card )
3. මගේ තැන්පතුව ආපසු ලබා ගැනීම සඳහා කොපමණ කල් බලා සිටිය යුතුද?
ඔබගේ සම්පූර්ණ බිල හා ගිණුමේ පවතින අයකිරීම් ගෙවා, බිල් පත් චක්‍ර දෙකක් අවසන් වීමෙන් පසු තැන්පත් මුදල ආපසු ගෙවනු ඇත.
4. "CALL HOME " යනු කුමක් ද?
රෝමිං අතරතුර වඩා අඩු ගාස්තු යටතේ ශ්‍රී ලංකාව අමතන්න

CALL HOME Dial
To make a call *140*94number#
For example;
*140*94712755777# (Mobile line)
*140*94112330550# (Fixed line)
5. "SMS HOME " යනු කුමක් ද?
රෝමිං අතරතුර රු. 5/- කට ශ්‍රි ලංකාවට SMS යවන්න.

SMS HOME Dial
To send a SMS *123*number#
For example;
*123*94712755777# (Mobile line)
6.මගේ රෝමිං භාවිතයට සීමාවක් තිබේ ද?
ඔව්. ඔබ ඔබගේ ආපසු ගෙවන තැන්පතු මුදලේ 75% ක සීමාව වෙත ලඟා වන විට Mobitel පාරිභෝගික සේවාවේ විධායක නිලධාරියකු ඔබ වෙත දැනුම් දෙනු ඇත. එවිට ඔබට ඔබගේ ශ්‍රී ලාංකික සගයෙකුට වහාම ගෙවීමක් සිදු කරන ලෙස ඉල්ලා සිටිය හැකිය. (තැන්පතු රහිත පාරිභෝගිකයින්ට අනුමත කරන ලද ණය සීමාවක් ඇත)
7. රෝමිං අතරතුර සබඳතාවයට බාධාවක් සිදු වී නම් කුමක් කළ යුතු ද?
  • රෝමිං හොට් ලයින් අංක +94 714 555 555 වෙත ඇමතුමක් ගෙන නැවත සබඳතාවය ලබාගන්නා ලෙස ඔබගේ ශ්‍රී ලාංකාවේ සිටින සගයාට දැනුම් දෙන්න.
  • අමතර ගෙවීමක් සිදුකර ඔබගේ ණය සීමාව වැඩි කරගන්න.
8. මගේ දුරකතනය අස්ථානගත වී නම් කුමක් කළ යුතුද?
එම සිම් පතෙන් ගන්නා සියලු ඇමතුම් සඳහා ඔබ බැඳී සිටින හෙයින්, වහාම මොබිටෙල් සමග සම්බන්ධ වන්න.
9. රෝමිං අතරතුර මගේ භාවිතය පිළිබඳ බිල්පත පරීක්ෂා කළ හැක්කේ කෙසේ ද?
Mobitel Services Menu * My Mobitel * Mobi Services * Acc Balance වෙත පිවිසෙන්න
ජාලය විසින් භාවිතය පිළිබඳ දත්ත මොබිටෙල් වෙත එවීම ප්‍රමාදවිය හැකි බැවින්, පෙන්නුම් කරන ශේෂය 100% නිවැරදි විය නොහැකි බව සලකන්න.
10. රෝමිං සඳහා විස්තරාත්මක බිල් පතක් මා වෙත ලැබෙන්නේ ද?
ඔව්. ඔබගේ ඉල්ලීම මත විස්තරාත්මක බිල්පතක් නොමිලයේ නිකුත් කෙරේ.
11. රෝමිං අතරතුර මගේ මොබිටෙල් අගය එකතුකළ සේවාව ( VAS ) භාවිතා කල හැකිද?
ඔබට රෝමිං අතරතුර SMS මත පදනම් වූ VAS පමණක් භාවිතා කළ හැකිය. එහෙත් රෝමිං ගාස්තු අයවන අතර එම ගාස්තු ඔබ භාවිතා කරන ජාලය අනුව වෙනස් වනු ඇත.
12. රෝමිං අතරතුර ඇතිවන ගැටළුවක දී සම්බන්ධ විය යුත්තේ කා සමග ද?
Mobitel Roaming Hotline +94 714 555 555 හෝ Mobitel Customer Care +94 712 755 777 සමග සම්බන්ධ වන්න.
13. රෝමිං අතරතුර යාමට බලාපොරොත්තුවන නගරයක් කිසියම් ජාලයක් විසින් ආවරණය කරන්නේ ද, එම රටේ පවතින් ජාලයන් සමග මගේ දුරකතනය අනුගත වන්නේ ද යන්න දැනගන්නේ කෙසේ ද?
Mobitel Roaming Hotline on +94 714 555 555 අමතා ඔබට අවශ්‍ය තොරතුරු දැනගත හැකිය.
14. පිටරටක සිටිය දී මට ඇමතුම ලබාගන්නාගේ අංකය දුරකතන තිරය මත දැකිය හැකි ද (CLI ) ?
CLI තොරතුරු ජාත්‍යන්තරව හුවමාරු කර නොගැනෙන අතර එය සම්මතයක් ද නොවේ. එහෙයින් රෝමිං අතරතුර සෑම අවස්ථාවකදීම ඇමතුම ලබා දෙන්නාගේ අංකය තිරයේ දිස් නොවේ. එහෙත් ඇතැම් ජාලයන් එම පහසුකම ලබා දෙයි.
15. රෝමිං අතරතුර SMS භාවිතා කළ හැකිද?
ඔව්.
16. මට රෝමිං අතරතුර GPRS භාවිතා කළ හැකිද?
ඔව්. සියලු සිම් පත් GPRS භාවිතා කළ හැකිවන පරිදි සකස්කර ඇති අතර අපගේ GPRS රෝමිං ජාලයන් තුළ දී එය භාවිතා කළ හැකිය

GPRS රෝමිං රටවල් ලැයිස්තුව මෙතැනින් ලබා ගන්න.
17. රෝමිං අතරතුර වෙනත් දුරකතනයක් භාවිතා කිරීම අවශ්‍ය වන්නේ ද?
විවිධ රටවල විවිධ දුරකතන පද්ධතීන් භාවිතා වන හෙයින්, ඇතැම් ගමනාන්තවල දී වෙනත් දුරකතනයක් අවශ්‍ය වේ.
රට හා ගැලපෙන දුරකතන එම රටවල ගුවන් තො‍ටුපල වල දී කුලියට ගත හැකිය.

උදාහරණ:
  • USA / Canada - Tri-band
  • Japan / Korea - 3G (WCDMA)

Looking for...

Post paid