MAIN MENU
NFC Fuel Card Solution  (mFlash)

NFC ඉන්ධන කාඩ් පත, මුදල් රහිත හා ආරක්ෂාකාරී ගෙවීමක් මගින් ඵලදායී ඉන්ධන (දීමනා)  කළමනාකරණ පද්ධතියක් සඳහා ඉඩ සලසයි. ඉන්ධන දීමනාව හිමි අයෙකුට, මෙම කාඩ් පත සඳහා ඉන්ධන දීමනාවේ පෙරගෙවුමක් මගින්, නියමිත ඉන්ධන හලකින් ඉන්ධන ලබාගැනීමට ඉඩ සලසා, හිමි ඉන්ධන දීමනාවේ සීමාව දක්වා ප්‍රතිපූරණය කළ හැකිය.

විශේෂාංග
  • අතින් සිදු කෙරෙන වියවුල් සහගත ඉන්ධන පාලනය සඳහා විකල්පයකි
  • අන්තර්ජාලයට පරිබාහිරව සිදු කෙරෙන ආරක්ෂාකාරී, වේගවත් ගණුදෙනුවකි
  • කාලය ඉතිරි කෙරෙන, වියවුල් රහිත, පහසු ක්‍රමවේදයකි. 
  • කාර්යක්ෂමව ක්‍රියාවේ යෙදවිය හැකිය, වියදම් අඩුකරයි
  • SMS පණිවිඩයක් මගින් ක්ෂණිකව සෑම ගනුදෙනුවක්ම දැනුම් දෙනු ලැබෙයි.
  • සමාගමේ පාලනය සඳහා අන්තර්ජාලය භාවිතා කළ හැකිය
 
ප්‍රතිලාභ
  • සේවා නියුක්තිකයන් සඳහා සීමාවන් පිළිබඳ පූර්ව නිගමනයන්ට එළඹිය හැකිය (ඉන්ධන සීමාවන් / භාවිතා කරනු ලබන  වේලාවන් /  පිරවුම් හල්)
  • සෑම ගනුදෙනුවකම දිනය, වේලාව, ස්ථානය අනුව පසු විපරම් කළ හැකිය.
  • වියදම් සීමාකිරීම හා ඉන්ධන පොත පදනම් කරගත් ප්‍රතිපූරණ ක්‍රමවේදයේ වැරදි භාවිතය පාලනය කර ගැනීම
  • වාහන නඩත්තුව  - සර්විස් කිරීම්වල වාර්තා, ඉන්ධන භාවිතයේ කාර්යක්ෂමතාවය සෙවීම
  • ස්වයංක්‍රිය සැසඳීම - පහසු ගෙවීම
 
mLoyalty 
විශ්වාසී වැඩසටහනක් හෝ නිරන්තර ප්‍රසාද වැඩසටහනක් යනු, හොඳම ගණුදෙනු කරුවන් සමඟ සවිමත් සබඳතා පවත්වා ගැනීමේ පලදායී ක්‍රමවේදයක් ලෙස හඳුනාගත් සබඳතා අලෙවි මෙවලමකි.
 
mLoyalty, ඔබට ඔබගේ සේවාදායකයින් හා ගනුදෙනු කරුවන් උදෙසා ඔබගේම විස්වාශී වැඩසටහනක් පවත්වාගෙන යාමට අවස්ථාව සලසන වේදිකාවකි. එය නවතම Near Field Communication (NFC) තාක්ෂණය උපයෝගී කරගනිමින් දියුණු කරන ලද්දක් වන අතර ගනුදෙනුකරුවන්ට පුද්ගලික අනන්‍යතාවයක් ලබා දෙමින්, විශ්වාසී වැඩසටහන මගින් ඔවුන්ගේ ප්‍රතිරූපය හඳුනාගනිමින් ප්‍රසාද දීමනාවන් ලබාදිය හැකිය. එම වේදිකාවේ පවතින පහසුකම් වන්නේ;
  • පවතින විශ්වාසී වැඩසටහන් සමඟ ඒකාබද්ධ කළ හැකිය
  • සාමාජික කළමනාකරණය, හවුල්කරු කළමනාකරණය,  නිදහස් කිරීම් ක්‍රියාවලීන් ආදිය සමග සම්පූර්ණයෙන්ම කළමනාකරණය කරගත හැකි විශ්වාසී කාඩ් පත් වැඩසටහනකි
  • සාමාජිකයින් එකිනෙකා සමඟ වෙන වෙනම ගනුදෙනු කළ හැකිය
  • ජංගම දුරකතන මගින් දැනුම් දීම් හා දැනුවත් කිරීම් සිදුකළ හැකිය
 
වෙනත් විශේෂාංග:
  • මුල සිට අගටම විශ්වාසී වැඩසටහනේ පවත්නා තත්වය පරීක්ෂාකර, වාර්තා පවත්වා ගත හැකිය
  • විශ්වාසී ගනුදෙනුකරුවන්ගේ එකතුවේ ක්‍රියාකාරකම් සොයා බලමින් ඔවුන්ගේ ප්‍රතිරූපය සකස්කර ගත හැකිය
  • කේන්ද්‍රගත කළමනාකරණය
  • අදාල පාර්ශ්වකරුවන් වෙත විවිධ දැනුම්දීම් හා දැනුවත් කිරීම් සිදුකල හැකිය
 
ප්‍රතිලාභයන්:
NFC මත පදනම්වූ, තාක්ෂණිකව ක්‍රියාත්මක වන,  ශ්‍රී ලංකාවේ වෙළඳ විශ්වාසී වැඩසටහන සමග ඒකාබද්ධ කල හැකි, දිගු කාලීනව අනාගතයේ දී තවදුරටත් වර්ධනය වන, මෙම විශ්වාසී කාඩ් පත් විසඳුම හා ඒ හා බැඳුනු වේදිකාව, වෙළඳ ව්‍යාපාරිකයන්ට පහත දැක්වෙන අවස්ථාවන් සලසා දෙයි.
ගනුදෙනු කරුවන් පිළිබඳ තොරතුරු ‍රැස් කිරීම
  • ප්‍රසිද්ධ කෙරෙන දීමනාවන් පිළිබඳ ගනුදෙනු කරුවන්ගේ ප්‍රතිචාරය
  • සහභාගිවන වෙළඳ ස්ථාන හරහා පාරිභෝගිකයින්ගේ කැමැත්ත හඳුනාගත හැකිය
  • පාරිභෝගික කණ්ඩායම් හඳුනාගත හැකිය
  • ජීවන රටාවන් හා හැසිරීම් ප්‍රතිරූප විස්තරාත්මකව සකස්කර ගත හැකිය
පාරිභෝගික ගණුදෙනු දත්ත විශ්ලේශණය
  • ඔවුන් භාණ්ඩ මිළ දී ගන්නේ කෙසේ ද ?
  • ඔවුන් කොපමණ වියදම් දරන්නේ ද ?
  • භාණ්ඩ මිළ දී ගන්නා කාලාන්තරය
  • භාණ්ඩ මිළ දී ගැනීමට පෙළඹෙන කාල වකවානු
  • මිළදී ගැනීම් සිදු කරන්නේ කුමන ප්‍රදේශවල ද ?
 
පාරිභෝගික තෘප්තිය වර්ධනය කර වෙළඳ ව්‍යාපාරයේ සමස්ත වර්ධනයක් ඇතිකර ගැනීම

Looking for...