MAIN MENU

පාරිභෝගිකයින් සඳහා mTAXI

mTaxi  සේවාව මොබිටෙල් විසින් සංවර්ධනය කරන ලද, අපගේ ඕනෑම පාරිභෝගිකයෙකුට ප්‍රවේශ විය හැකි,  නවතම විසඳුමකි. 

ඔබ 0710 712 712 ඇමතූ විට, ඔබගේ ඇමතුම ඉතාම ආසන්නයෙන් ඇති කුලී රථය වෙත යොමු කෙරෙයි. කුලී රථයේ රියැදුරු ඔබගේ ඇමතුමට පිළිතුරු නොදෙන්නේ නම්, එහ ඊලඟ ආසන්නයෙන් තිබෙන කුලී රථය වෙත ස්වයංක්‍රීයව යොමු වෙයි. කුලී රථ රියැදුරු වෙත ඇමතුම සම්බන්ධ වූ වහාම,  පාරිභෝගිකයාට කුලී රථ රියැදුරු සමග කුලී වාහන ගමන පිළිබඳව සන්නිවේදනය කළ හැකිය. පාරිභෝගිකයාට, පහත දැක්වෙන සරල උපදෙස් පිළි පැදීමෙන්, ආරම්භක ඇමතුම විසන්ධිවීමෙන් පසුව වුව ද, අවසන්වරට අමතන ලද කුලී රථය හා සම්බන්ධ විය හැකිය.

mTaxi සේවාව භාවිතා කිරීම

  • දිවයිනේ කොතැනක සිට වුව ද, ඔබගේ පසුගෙවුම් හෝ පෙරගෙවුම් මොබිටෙල් දුරකතනයෙන් 0701 712 712 අංකය අමතන්න.
  • වාචික උපදෙස් පද්ධතියට සවන් දී, ලැබෙන උපදෙස් පිළිපදින්න.
  • ඔබ සිටින ස්ථානය සනාථ කරන්න. එසේ සනාථ කිරීමෙන් පසු, ඔබ ළඟම ඇති කුලීරථ නැවතුමට යොමුකෙරෙනු ලැබ, එහි සිටින කුලී රථ රියැදුරෙකු ඔබ අමතා ඔබගේ ගමන පිළිබඳව සාකච්ඡා කරනු ඇත.
  • ගමන පිළිබඳව සනාථ කර ගැනීමෙන් පසු ඔබට ඔබ ‍රැඳී සිටින ස්ථානය පිලිබඳව කුළීරථ රියැදුරා දැනුවත් කළ හැකිය
  • ඔබට ඔබ ඇමතූ කුලී රථ රියැදුරා නැවත සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය වන්නේ නම් mTaxi සේවාව ඔබට ඒ සඳහා අවස්ථාව සලසා දෙනු ඇත. මෙම පද්ධතිය ඔබට පෙර භාවිතා කළ කුලී රථ පිළිබඳ තොරතුරු ද පරීක්ෂා කිරීමට අවස්ථාව ලබා දෙයි.
 

mTaxi සේවාව

  • දිවයිනේ ඇති කුළී රථ පිළිබඳ ඍජු දුරකතන සේවාවකි 
  • ඔබට කුළී රථ බොහෝ ගණනක අංක මතක තබා ගැනීමට අවශ්‍ය නොවේ. 
  • ඔබට කුළී රථ සේවාවන් ගණනාවක්  ඇමතීමට ද අවශ්‍ය නොවේ
  • විශ්වාසදායී, ඔබගේ කාලය ඉතුරු කර දෙන සේවාවකි
  • ඔබට ආසන්නයේ ම ඇති කුළී රථ නැවතුමේ ඇති කුළී රථයක් සම්බන්ධ කර දෙයි. 
  • ඔබගේ ජංගම දුරකතන අංකය කුළීරථ රියැදුරාට ප්‍රදර්ශණය වීම වලක්වයි.
 

කුලී රථ රියැදුරන් සඳහා mTaxi සේවාව

mTaxi සේවාව විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ කුලී රථ රියැදුරන් පාරිභෝගිකයින් සමග සම්බන්ධ කිරීම සඳහාය. mTaxi සේවාව සමග ලියාපදිංචි වී ඇති කුලීරථ රියැදුරන්ට, mTaxi භාවිතා කරන්නන් ගෙන් කුලීරථ ගමන් සඳහා ඇමතුම් ලැබෙනු ඇත. මෙය ඔවුන්ගේ ව්‍යාපාරය වැඩි දියුණු කරගැනීම සඳහා මහත් රුකුලක් වනු ඇත. 

mTaxi සේවාවෙහි ලියා පදිංචි වන්නේ කෙසේ ද?

  • දිවයිනේ ඕනෑම තැනක ඇති අපගේ මොබිටෙල් කාර්යාලයකට පැමිණෙන්න.
  • ඔබගේ ජාතික හැඳුනුම් පතේ, රියැදුරු බලපත්‍රයේ හා ආදායම් බලපත්‍රයේ පිටපත් ඉදිරිපත් කරන්න.
  • අවශ්‍ය ලේඛන පිටපත් ඉදිරිපත් කිරීමෙන් පසු ඔබට මොබිටෙල් පෙරගෙවුම් සබඳතාවයක් නොමිලේ ලබා දී, mTaxi සේවාවෙහි ලියාපදිංචි කරනු ඇත. 
 

mTaxi සේවාවෙන් මට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?

  • ඔබට කුලීරථ ගමන් වැඩි සංඛ්‍යාවක් ලැබෙනු ඇත.
  • ඔබගේ අංකය පාරිභෝගිකයාට හෝ, පාරිභෝගිකයාගේ අංකය ඔබට ප්‍රදර්ශණය නොවේ. එයින් පෞද්ගලිකත්වය ඉහලින්ම ආරක්ෂා කෙරෙයි.
  • mTaxi සේවාව ඔබට නොමිළයේ ප්‍රසිද්ධිය ලබා දෙයි.
 

සංචාරක මගපෙන්වීම්

M Guide  සේවාව: ඔබේ ජංගම දුරකතනයෙන් ශ‍්‍රී ලංකාවේ  ඓතිහාසික වැදගත් ස්ථාන සහ ස්වභාවික සුන්දරත්වය සහ සංස්කෘතිකමය වටිනාකමක් ඇති දේ ගැන විස්තර කරන වෙබ් අඩවි වෙතට පිවිසීමට M Guide  ඔබට අවස්ථාව උදා කර දෙයි.
 
888 අංකනය කරන්න. (ඇමතුම් ගාස්තු රු. 4 + බදු විනාඩියට)

 

මොබිටෙල් සමග ඔබේ දුම්රිය ටිකට්පත් පහසුවෙන් වෙන්කර ගන්න. දුම්රිය ටිකට්පත් පිළිබද විස්තර මෙතනින් ලබා ගන්න.

ඒ පිළිබද විස්තර මෙතනින් ලබා ගන්න

 

Looking for...